පවුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සොහොනක්, කසල ගොඩක් වැනි තැනකින් අවුලා ගත් වස්ත්රවලින් මසන ලද සිවුර ; පාංශුකූල චීවරය.
2. මව, පියා සහ දරු පිරිස ඇතුළත් සමාජ ඒකකය ; කුටුම්බය.
3. පෙළපත ; කුල පරම්පරාව ; වංශය.
4. භාර්යාව ; අඹුව ; බිරින්දෑ.
5. ප්රභේද වශයෙන් වෙනස් වුවත්, මූලික වශයෙන් එක කොට්ඨාසයකට අයත් වන සත්ත්ව ශාක හෝ භාෂා ගණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අඹුසැමි යුවළ හා දරු පිරිස/ පාංශුකූල රෙද්දෙන් කළ චීවරය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. family
2. Soc. home
3. n. menage
4. house-hold