සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1012
පවිත්ර
වි. පිරිසිදු ; පිවිතුරු ; පාරිශුද්ධ.
පවිත්ර ප්රවේශනය
නා. (ක්රිස්ති.) පල්ලියේ ආගමික චාරිත්ර විධි පැවැත්වීම ; විශේෂයෙන් දරු ප්රසූතියෙන් පසු පවත්වන චාරිත්ර විධියක්.
පවුන්ඩලය
(පාරිභා.) නා. අඩි රාත්තල්, තත්පර ක්රමයට බලය මැනීමේ නිරපේක්ෂ ඒකකය.
පවුන්ඩේජ් ගාස්තුව
නා. ඉබාගාතේ යන හරකුන් හෝ අල්ලා ගත් හොර බඩු හෝ කොටු කර තබා අය කරන ගාස්තුව ; කොටු ගාස්තුව.
පවුම
1. නා. ඉංග්රීසි මුදල් වහරේ භාවිත වන සම්මත ඒකකය
2. කැරට් 22 ක සංයුතියෙන් යුත් රත්රන්වලින් යුත් කාසිය.
3. ශ්රී ලංකාවේ කලක් භාවිත වුණු රුපියල් දහයේ වටිනාකමින් යුත් කාසියක්.
පවුර
1. නා. පුරාණයෙහි නගර ආරක්ෂාවට ඒ වටා බැඳි තාප්පය.
2. ප්රාකාරය ; කොටු බැම්ම.
පවුරු වළල්ල
නා. වළල්ලක් මෙන් වූ ප්රාකාරය ; වළලු හැඩයට පිහිටා ඇති පවුර.
පවුරුණු
නා.ප්ර. බෞද්ධ භික්ෂුන්ගේ වස් පවාරණය.
පවුල
1. නා. සොහොනක්, කසල ගොඩක් වැනි තැනකින් අවුලා ගත් වස්ත්රවලින් මසන ලද සිවුර ; පාංශුකූල චීවරය.
2. මව, පියා සහ දරු පිරිස ඇතුළත් සමාජ ඒකකය ; කුටුම්බය.
3. පෙළපත ; කුල පරම්පරාව ; වංශය.
4. භාර්යාව ; අඹුව ; බිරින්දෑ.
5. ප්රභේද වශයෙන් වෙනස් වුවත්, මූලික වශයෙන් එක කොට්ඨාසයකට අයත් වන සත්ත්ව ශාක හෝ භාෂා ගණය.
පශ්ච කුටීරය
(පාරිභා.) නා. මොළය පිටුපස පිහිටි කුහරය
පශ්චාත්
අව්ය. ඉක්බිති ; අනතුරුව ; පසු ව ; පසු කාලයට අයත්.
පශ්චාත් උපාධිය
නා. ප්රථම උපාධියෙන් පසු ව ලබන උපාධිය.
පශ්චාත් ප්රතිබිම්බය
නා. යමක් දෙස බලා සිටීමෙන් පසු කලක් ගත වන තෙක් සිතෙහි ඇඳී තිබෙන එහි හැඩහුරුව හෝ මතක සටහන.
පශ්චාත් ප්රාථමික
වි. ප්රාථමික පන්තිවලට පසු ව ඇති පන්ති හා සම්බන්ධ ; විදුහලක පස්වැනි පන්තියෙන් පසු පන්ති පිළිබඳ.
පශ්චාත් පෘෂ්ඨකය
(පාරිභා.) නා. කෘමි ගණයේ සතුන්ගේ පපු පෙදෙසෙහි පිටුතලය.
පශ්චාත් මරණ පරීක්ෂණය
නා. හදිසි හෝ සැක කටයුතු වූ හෝ වූ මරණයක් පිළිබඳ ව හේතුව සොයා ගැනීමට කරන විධිමත් පරීක්ෂණය.
පශ්චාත් සංකල්පය
(පාරිභා.) නා. යමක් දෙස මඳ වේලාවක් බලා ඉඳ දෑස් පියා ගත් පසු මනැසට පෙනෙන එහි සංඥාව හෙවත් රූපය.
පශ්චාත්තාපය
නා. කළ යුත්තක් නොකිරීම හෝ නොකළ යුත්තක් කිරීම නිසා සිතෙහි හටගැනෙන කනස්සලු ගතිය ; සිත්තැවුල ; පසුතැවිල්ල.
පශ්චාත්නාසික
(පාරිභා.) වි. නාසයේ පසු පෙදෙස පිළිබඳ වූ ; උගුරට ආසන්න වූ ; නාසාභ්යන්තරය හා සම්බන්ධ.
පශ්චාත්පුටය
(පාරිභා.) නා. ඉස්සන් කකුළුවන් වැනි කවච ගණයේ සතුන්ගේ යටිතොල.
පශ්චාද් උරස
(පාරිභා.) නා. කෘමි ගණයේ සතුන්ගේ පපු පෙදෙස.
පශ්චාද් භාගය
නා. පසු කොටස ; අවසන් කොටස ; අග කොටස
පශ්චිම
1. වි. අවසාන ; අන්තිම ; කෙළවරේ පිහිටි.
2. මතු කාලය සම්බන්ධ ; අනාගත.
3. බටහිරට අයත් ; බස්නාහිර පිහිටි ; අපර දිශායත්ත.
පශ්චිම කපාලය
(පාරිභා.) නා. හිස් මොළ වසා සිටින අස්ථිමය කපාල මණ්ඩල තුනෙන් එකක්.