සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1013
පශ්චිම කාලය
නා. අවසාන කාලපරිච්ඡේදය ; අන්තිම කාලය ; ජීවිතයේ අග කොටස ; වෘද්ධාවස්ථාව.
පශ්චිම ගංගාව
(පාරිභා.) නා. ප්රධාන ගංගාව නොහොත් ශාඛා ගංගාවක් ගලන දිශාවට විරුද්ධ අතට ගලන අතු ගඟක්.
පශ්චිම චක්රවාටය
නා. බටහිර දිග සක්වළ ; චක්රවාටයේ බස්නාහිර පැත්ත.
පශ්චිම ජනතාව
නා. මතු ඇති වන මනුෂ්ය පිරිස ; අනාගතයෙහි උපදින ජනතාව ; අනාගත පරම්පරාව ; මතුපරපුර.
පශ්චිම දොරටුව
නා. පැළදොර ; ගෘහයක බටහිර දිශාවෙහි දොරටුව.
පශ්චිම පාර්ශ්ව කපාල සන්ධිය
(පාරිභා.) නා. මිනිස් හිස කබලට සම්බන්ධ සන්ධියක් ; පශ්චිම කපාලයත් පාර්ශ්ව කපාලයත් යන දෙකෙහිා මූට්ටුව.
පශ්චිම බුද්ධ වචනය
නා. බුදුරදුන් විසින් වදාරන ලද අවසාන කියමන ; අවසානයට බුදුරදුන් පැවසූ ධර්මපාඨය.
පශ්චිම භවය
නා. යමකුගේ සසර අවසන් උපත ; අවසාන භවෝත්පත්තිය ; බුදු, පසේබුදු, මහරහත් ආදි මහෝත්තමයන්ගේ ජන්මය.
පශ්චිම භවිකයා
නා. අවසන් භවයෙහි උපත ලැබූ උත්තමයා ; තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පැමිණීම පිණිස වාසනා ගුණ ඇති උතුමා.
පශ්චිම යාමය
නා. රාත්රියෙහි හෝරා හතරේ කොටස් තුනින් කොටස ; අන්තිම යාමය.
පශ්චිමයා
නා. මෑත කාලයට අයත් තැනැත්තා ; අන්තිමයා ; කනිෂ්ඨයා ; සියල්ලට බාලයා.
පශු
වි. හීලෑ සතුන් පිළිබඳ ; ගෘහාශ්රයෙහි වසන සතුන් හා සම්බන්ධ.
1. නා.ප්ර. ගව, එළු, බැටළු ආදී හීලෑ සත්තු.
2. තිරිසන් සත්තු.
පශු කර්මාන්තය
නා. එළු, බැටළු, ගව ආදි සතුන් ආර්ථික අරමුණු සඳහා විශාල වශයෙන් ඇති කිරීමේ කාර්යාවලිය.
පශු ඝාතය
නා. සිවුපා සතුන් මැරීම ; සත්ව ඝාතනය.
පශු විද්යාව
නා. සිවුපා සත්ත්වයන් පිළිබඳ උගන්වන ශාස්ත්රය.
පශු වෛද්යයා
නා. සතුන්ගේ රෝගවලට ප්රතිකාර කරන වෛද්යවරයා ; පශු චිකිත්සක.
පශුපති
නා.ප්ර. ගවයා ; ඊශ්වර දෙවියා ; මහේශ්වර ; ශිව වාහනය කරගත් දෙවියා.
පස
1. නා. පහ ; පහේ සංඛ්යාව.
2. පොළොවේ මතුපිට ස්තරයේ ඇති බුරුල් සැහැල්ලු ද්රව්ය කොට්ඨාසය.
3. පක්ෂය ; පැත්ත ; අංශය ;
4. පාශය ; මලපුඩුව ; තොණ්ඩුව
5. ජීවත්වීමට උපකාර වන දෙය ; අඩුවැඩිය
6. යමක් හා ගැටීමෙන් සිරුරට ඇති වන දැනීම ; ස්පර්ශය.
7. විවිධ අර්ථ ප්රකාශ කිරිම සඳහා ධාතු ප්රකෘතියක හෝ ශබ්ද ප්රකෘතියක අගට හෝ එකතු කරන ප්රත්යය විශේෂය.
8. මුත්ර.- වි. පස් වැදැරුම් වූ.
පස අරුත්
නා.ප්ර. (ව්යාක.) නාම මූලවලට හෝ ක්රියා මූලවලට ප්රත්යය යොදා සදා ගනු ලබන නාම ; ප්රත්යාර්ථ ශබ්ද ; තද්ධිත හා කෘදන්ත.
පස ඇටය
නා. සූදුවෙහි දී යොදා ගන්නා කැටය ; දාදු කැටය ; අක්ෂය ; පාශකය.
පසක්
නා.ප්ර. අහර පිසින්නා ; – අරක්කැමියා.
වි. පැහැදිලි ව · පෙනෙන ; ප්රකට ; ප්රත්යක්ෂ.
පසක්කැමියා
නා. පුරාණයේ රාජ්ය භාණ්ඩාගාරයෙහි අයවැය පිළිබඳ කටයුතු කළ නිලධාරියෙක් ; පහෙක්කාරයා.
පසග
නා.ප්ර. වැඳීමෙහි දී බිම පිහිටුවන දෙ දණ, දෙ වැලමිට සහ නළල යන ශරිරාංග පහ.
පසඟතුරු
නා.ප්ර. ආතත, විතත, විතතාතත, ඝන සහ ශුෂිර යන අංග පහකින් යුත් තූර්ය භාණ්ඩ ; පංචතූර්යය.