සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1014

පසඟි

නා.ප්‍ර. නායකයා ; මෙහෙයවන්නා ; ප්‍රේරකයා.

පසඟිල්ල

1. නා. ඇඟිලි පහ ; පචාංගුලිය.
2. එඩරු හෙවත් එරඬු.

පසඟුල්

1. නා.ප්‍ර. ඇඟිලි පසක සලකුණ.
2. අඟල් පස.

පසඟුල් දෙනවා

1. ක්‍රි. සඳුන් වැනි ආලේපයක අතෙහි ඇඟිලි පස ඔබා එය සටහනක් වන සේ තබනවා.
2. සඳුන් කල්කය වැනි සුවඳ දියරයකට අත දමා ඇඟිලි පස මඟින් එම දියර ඉසිනවා.

පසතරණ

නා.ප්‍ර. ඇඳ පුටු ආදියෙහි හෝ බිම හෝ එළන ඇතිරිල්ල ; ආස්තරණය.

පසතුරු

නා. ආතත ආදි පස් වැදෑරුම් වාද්‍යය ; පඤ්චාංගික තූර්යය ; පසඟතුරු.

පසන්

වි. ප්‍රසන්න ; සතුටු වූ ; නිර්මල.

පසමිතුරා

නා. සතුරා විරෝධියා ; විරුද්ධවාදියා ; වෛරී තැනැත්තා.

පසර

1. නා. ලී කොටන් එක් කොට බැඳ සාදා ගත් ජල යාත්‍රා විශේෂයක් ; උඩුපය ; පහුර.
2. අනංගයා.

පසල්

වි. නගරයෙන් ඈත පිහිටි ; පිටිසරබද ; ප්‍රත්‍යන්ත.

පසව

1. නා.ප්‍ර. මවක විසින් දරුගැබ බිහි කිරීම ; ගර්භ ප්‍රසූතිය ; ප්‍රසවය.
2. මල ; පුෂ්පය.
3. මුත්‍ර ; සුලුදිය.

පසසනවා

ක්‍රි. ප්‍රශංසා කරනවා ; අගය කියනවා ; ස්තූති කරනවා.

පසස් ගී

නා.ප්‍ර. පැසසුම් ගී ; ප්‍රශංසා ගීත.

පසළොස

නා. සංඛ්‍යාවක් ; පංච දශය ; පහළොව.

පසළොස්චරණ ධර්ම

නා.ප්‍ර. ආර්ය ශ්‍රාවකයා නිර්වාණය කරා චරණය කරවන ධර්ම පසළොස.

පසළොස්වක

1. නා. චන්ද්‍ර මාසයෙහි පුරපක්ෂයේ හෝ අවපක්ෂයේ පසළොස්වක තිථිය හෙවත් දිනය.
2. පුර පසළොස්වක.

පස් අවගති

නා.ප්‍ර. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම සහ රහමෙර බීම යන පංච තාපය ; පස් පව්.

පස් කනවා

1. ක්‍රි. ප්‍රතික්ෂේප කරනවා ; බැහැර කරනවා.
2. දරුණු වේදනාවක දී හෝ පොළොවේ හැපෙමින් අඩනවා ; විලාප දෙනවා.

පස් කඳ

නා. පඤ්චස්කන්ධය ; රූප, වේදනා, සඤ්ඤා, සංඛාර සහ විඤ්ඤාණ යන ස්කන්ධ පංචකය.

පස් කලණ

නා.ප්‍ර. කාන්තාවකගේ රූප ශෝභාව පිළිබඳ අංග පහ ; – පඤ්ච කල්‍යාණය.

පස් කලාපය

(පාරිභා.) නා. කැපී පෙනෙන ලක්ෂණ අනුව පස t බෙදනු ලබන වර්ගය ; කිසියම් නියමිත පසක් අයත් කොට්ඨාසය.

පස් කැන්

නා.බහු. කනෙහි පළඳින ආභරණයක් ඒ කුණ්ඩලාභරණ ; කො‍ඩොල්; තෝඩු.

පස් දහර

නා. අශ්වයන්ගේ ගමන් වෙසෙස් පහ ; පංචධාර ; ආස්කන්දිත, ධෞරිත, රේචිත, වල්ගිත සහ ප්ලුත.

පස් පැතිකඩ

(පාරිභා.) නා. පොළොවේ පසෙහි විවිධ ස්තර පෙන්වන සැටියෙන් උඩ සිට යටට කපන ලද පැතිකඩක්.