මුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සියලු ශාකවලට ජීව රස උරා ගැනීමට පිහිට වන ලතා ගණයට අයත් නොවන ශාකවලට කෙළින් නැඟී සිටීමේ ශක්තියක් දෙන අවයවය ; වෘක්ෂලතාවල පාදය.
2. යමක ආරම්භය ; පටන් ගැන්ම ; මූලස්ථානය.
3. සමීපය ; අසල.
4. රාබු අලය.
5. නැකැත් සත් විස්සෙන් එකක්.
6. හේතුව ; නිධානය ; කාරණය.
7. කොන ; කෙළවර.
8. බත්, හකුරු, පැණි ආදිය පිඬු කොට ඔතන ලද පොදිය.
9. ඇට තුළ පිහිටි මිඳුල ; අස්ථි මිඤ්ජය.
10. මොළය.
1. වි. මූලික ; පළමු ; පෙරමුණෙහි සිටින.
2. ප්‍රධාන ; ඉහළ තැන් ගන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වෘක්ෂලතාවන්ගේ පාදය/ පටන් ගැන්ම (පා. සං. මූල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. antitype
2. n. base
3. n. beginning
4. n. first
5. n. head
6. n. lead
7. n. origin
8. n. outset
9. n. root
10. n. seed
11. n. source
12. Civ. stumper