අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 258
මුදලි
නා.ප්‍ර. පැරණි නිල නාමයක් (දෙ. முதலி)
මුද්‍රණ
නා.ප්‍ර. අච්චුගැසීම (සං. මුද්‍රණ)
මුද්‍රණාලය
නා. මුද්‍රණ කටයුතු කරන ස්ථානය
මුද්‍රාව
නා. ලාංඡනය/ අභිනය/ බුදුරදුන් ආදි උතුමන් ඇඟිලි එක් කොට දක්වන චිත්ත රූපය (පා. සං. මුද්‍රා)
මුද්‍රික
නා.ප්‍ර. මිදි; මුද්දරප්පලම් (පා. මුද්දික)
මුද්‍රිත
වි. අච්චු ගසන ලද (සං. මුද්‍රිත)
මුදුන
නා. මස්තකය; උස් තැන (සං. මූර්ධන්)
මුනි
නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ; ඍෂිවරයා; තවුසා (පා. සං. මුනි)
මුනිවත
නා. කතා නොකර සිටීම (සං. මෞනව්රත)
මුනීන්ද්ර
නා.ප්‍ර. මුනිවරුන්ගේ ප්‍රධානයා; බුදුරජ (සං. මුනි+ඉන්ද්‍ර)
මුනුපුරා
නා. දුවගේ හෝ පුතාගේ හෝ පුතා
මුනුමුනුව
නා. සිහින් හඬ
මුමුනනවා
ක්‍රි. කොඳුරනවා
මුරකාවල
නා. මුර කිරීම; රැකවල (දෙ. முறை + காவல்)
මුරණ්ඩු
වි. හිතුවක්කාර; අකීකරු (දෙ. முரண்டு)
මුරපළ
නා. මුරසේනාව රැඳී සිටින ස්ථානය
මුල
නා. වෘක්ෂලතාවන්ගේ පාදය/ පටන් ගැන්ම (පා. සං. මූල)
මුලසුන
නා. ප්රමුඛ ආසනය (පා. සං. මූලාසන)
මුල් ඇඳුම
නා. උඩරට ප්‍රභූවරයන්ගේ සම්පූර්ණ ඇඳුම් කට්ටලය
මුල්ලුව
නා. පස බුරුල් කිරීමට යොදා ගන්නා උපකරණයක්
මුලාදෑනියා
නා. පාලක නිලධාරියා
මුලිනුපුටනවා
ක්‍රි. සම්පූර්ණයෙන් ඉවත් කරනවා
මුලු
නා.ප්‍ර. මුල්ල
මුලුගැන්වෙනවා
ක්‍රි. පසුබට වෙනවා