අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 259
මුෂ්ටිය
නා. මිටින් ගත හැකි ප්‍රමාණය (පා. මුට්ඨි සං. මුෂ්ටි)
මුසල
1. නා.ප්‍ර. මෝල්ගස (පා. සං. මුසල) 2. කුල්ල/ කොණ්ඩය
මුසලඩි වන්නම
නා. හාවාගේ ගමන් විලාසය දක්වන නැටුමක්
මුස්නය
නා. කොස්ස/ ඉලපත (සං. මූර්ජනී)
මුසාවාද
නා.ප්‍ර. අසත්‍යය (පා. මුසාවාද)
මුහුකුළු
වි. පැසුණු; මේරූ/ මල් කෙමිය
මුහුණ
නා. ඇස්, නාසා ආදි ඉන්ද්රියයන් පිහිටි හිසෙහි ඉදිරිපස කොටස/ යමක ඉදිරිපස
මුහුණත
නා. මතුපිට පෘෂ්ටය/ ගණ දෙවි
මුහුදු රළ
නා. උස් ව නැඟී වෙරළ ගල්පර ආදියෙහි හැපෙන මුහුදු දියකඳ
මුහුර්ත
නා. මොහොත (සං. මුහුර්ත)
මුහුල
නා. පොහොට්ටුව (පා. සං. මුකුල)
මුහුළ
නා. කෙස් කලබ/ ඔටුන්න (සං. මුකුට)
මුහුළස
නා. කොණ්ඩය (සං. මුකූට)
මුහූර්තය
නා. මුහුර්තය
මුළ
නා.ප්‍ර. සමූහය
මුළාව
නා. මෝඩකම; නොමඟ යෑම (පා. මූළ්හ සං. මූඪ)
මුළු
නා.ප්‍ර. සමූහය/ භෝජනය
මුළුතැන්ගෙය
නා. කුස්සිය
මුළුදෙනවා
ක්‍රි. එක්රැස් වෙනවා
මුළුමනින්
වි. සම්පූර්ණයෙන්
මුළුල්ල
නා. රාශිය; සමූහය
මුළුල්ලේ
ක්‍රි.වි. තිස්සේ; පුරා
මූකළාන
නා. විශාල ගස් ඇති මහ වනය
මූගයා
නා. ගොළු තැනැත්තා (පා. මූග සං. මූක)