අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 260
මූඪ
වි. මෝඩ (සං. මූඪ)
මූඪගර්භ
නා.ප්‍ර. කුස තුළ මියගිය ගැබ (සං. මූඪගර්භ)
මූණ
නා. මුහුණ
මූණත
නා. මුහුණත
මූණිච්චාව
නා. හිතට එකඟ නැතිව මුහුණ ඉදිරියේ කරන චාටු කථාව හෝ හැසිරීම
මූත්‍ර
නා.ප්‍ර. ශරීරයෙන් පහ කෙරෙන මල ද්‍රව්‍යයක් (සං. මූත්‍ර)
මූත්රාශ්මරී
නා.ප්‍ර. මූත්‍රාශයේ ගල් සෑදීමේ රෝගය
මූනිස්සම
නා. වෙඩි උණ්ඩවල අඩංගු කුඩා ඊයම් ගුළිය
මූර්ඛ
වි. මෝඩ (පා. මූඛ සං. මූර්ඛ)
මූර්ඡාව
නා. සිහි නැතිවීම (පා. මූච්ඡා සං. මූර්ඡා)
මූර්ත
වි. සැබෑ; නියම වශයෙන් පවතින (සං. මූර්ත)
මූර්ති
නා.ප්‍ර. රූප ස්වභාවය; පිළිමය (සං. මූර්ති)
මූර්ධජ
වි. මුදුනෙන් උපන් (පා. මුද්ධජ සං. මූර්ධජ)
මූර්ධන්ය
වි. මූර්ධජ (සං. මූර්ධන්ය)
මූල
නා.ප්‍ර. වෘක්ෂලතාදිය පොළොවට ස්ථිර ලෙස සම්බන්ධ කරන කොටස/ හේතුව/ පටන් ගැන්ම (පා. සං. මූල)
මූලද්‍රව්‍ය
නා.ප්‍ර. රසායනික ක්‍රම මගින් වෙනත් ද්‍රව්‍යවලට බෙදිය නොහැකි ද්‍රව්‍ය
මූලධනය
නා. ධනය ඉපයීමට යොදන මුදල; ප්රාග්ධනය (සං. මූලධන)
මූලධර්ම
නා.ප්‍ර. මූලික න්‍යාය (සං. මූලධර්ම)
මූලස්ථ
වි. මුල් වූ (සං. මූලස්ථ)
මූලස්ථානය
නා. ප්‍රධාන මධ්‍යස්ථානය
මූල්‍ය
වි. මුදල් පිළිබඳ වූ (සං. මූල්‍ය)
මූල්‍යාධිකාරි
නා.ප්‍ර. මුදල් කළමනාකරණය පිළිබඳ බලධරයා
මූලාරම්භය
නා. ප්‍රථම වරට පටන් ගැන්ම
මූලාවස්ථාව
නා. පළමු වූ සිදුවීම; ප්‍රථම අවස්ථාව