අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 261
මූලාශ්‍රය
නා.ප්‍ර. යමක් කිරීමට මුල් වූ දෙය; කරුණු ලබාගන්නා මාර්ගය
මූලාසන
නා.ප්‍ර. සභාවක මුල් ආසනය; මුල් අසුන
මූලාසනාරූඪ
වි. මුල් අසුනෙහි සිටින; මුල් තනතුරෙහි සිටින
මූලික
වි. අත්‍යවශ්‍ය/ ප්‍රධාන කොට ඇති
මූලෝච්ඡින්න
වි. සහමුලින් ම විනාශ කරන ලද
මූලෝත්පාටනය
නා. සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීම; සහමුලින් ඉවත් කිරීම (සං. මූලොත්පාටන)
මූලෝද්ධරණය
නා. මූලෝත්පාටනය
මූෂික
නා.ප්‍ර. මීයා (සං. මූෂික පා. මූසික)
මූසල
වි. අවාසනාවන්ත වූ; දැකීමට නුසුදුසු (දෙ. மூசாலை උර්. මුසල්)
මෘග
නා.ප්‍ර. මුවා/ සිව්පාවා/ තිරිසනා (සං. මෘග පා. මිග)
මෘගේන්ද්ර
නා.ප්‍ර. සිංහයා (සං. මෘගෙන්ද්ර)
මෘණාල
නා.ප්‍ර. නෙළුම් දඬු, නල ආදියෙහි ඇති සිහින් නූල/ නෙළුම් අල (සං. මෘණාල)
මෘත
වි. මැරුණු (සං. මෘත)
මෘත කලේබරය
නා. මළ සිරුර
මෘතදේහය
නා. මළ සිරුර (සං. මෘතදේහ)
මෘතශරීරය
නා. මළ සිරුර
මෘත්‍යු
නා.ප්‍ර. මරණය/ මාරයා (සං. මෘත්‍යු)
මෘතෝපජීවි
වි. මළ හෝ දිරාපත් වූ හෝ ද්‍රව්‍ය මත ජීවත් වන්නා වූ
මෘදංග
නා.ප්‍ර. මිහිඟු බෙරය (සං. මෘදඞ්ග)
මෘදු
වි. කාරුණික; මොළොක් නොමේරූ (සං. මෘදු)
මෘදුකාංග
නා.ප්‍ර. පරිගණකයක ක්‍රියාකාරි ක්‍රමලේඛය
මෙණෙවිය
නා. තරුණිය (පා. මාණවී, මාණවිකා)
මෙතෝදිස්ත
නා.ප්‍ර. රෙපරමාදු ක්‍රිස්තියානි නිකායක් (ඉං. methodist)
මෙනෙහි කරනවා
ක්‍රි. සිහි කරනවා; ආවර්ජනය කරනවා