අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 257

මීසම

නා. දේවස්ථානයකින් හෝ දේවස්ථාන කීපයකින් හෝ යුත් ප්‍රදේශය (ඉං. mission)

මුක්තාඵල

නා.ප්‍ර. මුතු ඇටය (සං. මුක්තාඵල)

මුක්තිය

නා. මිදීම; ගැලවීම; අතහැරීම (සං. මුක්ති)

මුකුට

නා.ප්‍ර. ඔටුන්න (පා. මකුට සං. මුකුට)

මුකුණුවැන්න

නා.ප්‍ර. පලා වර්ගයක්

මුකුල

නා. කැකුළ; මල් පොහොට්ටුව (පා. සං. මුකුල)

මුකුලිත

වි. පරවුණු (සං. මුකුලිත)

මුකුළු

නා.ප්‍ර. කොමළ

මුඛ

නා.ප්‍ර. මුහුණ/ කට/ දොරටුව (පා. සං. මුඛ)

මුඛරි

වි. කතාවට දක්ෂ (සං. මුඛරි)

මුඛ්‍ය

වි. ප්‍රධාන (සං. මුඛ්‍ය)

මුඛ්‍යාර්ථය

නා. මූලික අදහස

මුග්ධ

වි. මෝඩ; බොළඳ (සං. මුග්ධ)

මුණ

නා. ආයුධාදියේ උල් වූ කෙළවර/ පැත්ත; අභිමුඛය/ මුහුණ (දෙ. முனை)

මුණගැසෙනවා

ක්‍රි. හමුවෙනවා

මුණත

නා. තලයක මතුපිට

මුණ්ඩ

1. නා.ප්‍ර. හිස මුඩු තැනැත්තා (සං. මුණ්ඩ දෙ. முண்டி) 2. උණ්ඩය (දෙ. உண்டை)

මුණින්තලා

වි. යටිකුරු

මුඬු

වි. දුගඳින් යුතු (දෙ. முடை)

මුත්තණු

නා.ප්‍ර. අත්තා; සීයා

මුත්‍රාශය

නා. මූත්‍රබොක්ක

මුතුලැල්

නා.ප්‍ර. මුක්තාවලිය; මුතුදැල

මුදල

නා. ගනුදෙනු මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගත් කාසි, නෝට්ටු ආදිය

මුදලාලි

නා.ප්‍ර. වෙළෙන්දා (දෙ. முதலாளி)