අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 256

මිනුම්දණ්ඩ

නා. යම් දෙයක් ප්‍රමාණ කිරීමේ ක්‍රමය

මියුගුණ

නා.ප්‍ර. මහියංගණය (පා. මහියඞ්ගණ)

මියුලඟන

නා.ප්‍ර. මුව දෙන

මියුලැසි

නා.ප්‍ර. කාන්තාව

මිරිඟුව

නා. සූර්ය තාපය නිසා වාතය රත් වී, ඈතට ජලය මෙන් පෙනෙන මායාව (පා. සං. මරිචිකා)

මිල

නා.ප්‍ර. වටිනාකම (පා. මූල සං. මූල්‍ය)

මිලදර්ශනය

නා. මිල ගණන් සඳහන් ලේඛනය

මිලාන

වි. පර වූ; මැලවුණු (සං. ම්ලාන පා. මිලාන)

මිලින

වි. අපිරිසිදු/ මැලවුණු; පරවුණු (සං. ම්ලාන)

මිලියනය

නා. ලක්ෂ දහය (ඉං. million)

මිශ්‍ර

වි. වර්ග කිහිපයක් එක් වූ; කළවම් (සං. මිශ්‍ර)

මිශ්‍රණය

නා. කළවම් කරන ලද්ද (සං. මිශ්‍රණ)

මිෂනාරි

නා.ප්‍ර. ක්‍රිස්තියානි ධර්ම දූතයා (ඉං. missionary)

මිසදිටු

නා.ප්‍ර. මිථ්‍යාදෘෂ්ටිය (පා. මිච්ඡාදිට්ඨි සං. මිථ්‍යාදෘෂ්ටි)

මිසයිල

නා.ප්‍ර. ස්වයංක්‍රීය හෝ දූරස්ථපාලිත න්‍යෂ්ඨික අවිය (ඉං. missile)

මිහිඟු

නා.ප්‍ර. බෙර විශේෂයක් (පා. මුතිඞ්ග සං. මෘදඞ්ග)

මිහිතලය

නා. පොළොව මතුපිට (සං. මහීතල)

මිහිදන් කරනවා

ක්‍රි. භූමදාන කරනවා; වළලනවා

මිහිඳු

නා.ප්‍ර. රජු/ ලක්දිවට බුදු දහම ගෙන ආ මහරහතන් වහන්සේ (පා. මහින්‍ද සං. මහෙන්‍ද්‍ර)

මිහිලොල්

නා.ප්‍ර. මධුලෝලයා; මීමැස්සා

මී පැණි

නා.ප්‍ර. මීවදයෙන් ලබාගන්නා පැණි

මීන

නා.ප්‍ර. මාලුව/ මීන රාශිය (සං. මීන)

මීමන

නා.ප්‍ර. තෙතමනය සහිත බිම්වල වැවෙන ඖෂධීය ගුණයක් ඇති ශාකයක්

මීමාංසා

නා.ප්‍ර. විමර්ශනය පදනම් කරගත් ශාස්ත්‍රය (සං. මීමාංසා)