අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 255
මිණිමෙවුල
නා. මණිමේඛලා දාමය (සං. මණිමෙඛලා)
මිණිය
නා. සීනුව; කුඩා ඝණ්ටාව; මිණි ගෙඩිය
මිතභාණි
වි. සීමිතව කතා බස් කරන (පා. මිතභාණි)
මිතභාෂි
වි. විමසිලි සහිත ව ප්‍රමාණයකට කතා කරන
මිත්තණිය
නා. මවගේ හෝ පියාගේ හෝ මව; අත්තම්මා
මිත්‍ර සන්ථවය
නා. මිතුරන් හා ඇසුර
මිථ්‍යා කථා
නා.ප්‍ර. විශ්වාස කළ නොහැකි ප්‍රබන්ධ
මිථ්‍යාචාරය
නා. වැරදි හැසිරීම (පා. මිච්ඡාචාර සං. මිථ්‍යාචාර)
මිථ්‍යාදෘෂ්ටිය
නා. වැරදි දර්ශනය (සං. මිථ්‍යාදෘෂ්ටි)
මිථුන
නා.ප්‍ර. යුවළ/ ලග්නයක නාමය (සං. මිථුන)
මිදුල
නා. ගෘහාංගණය
මිදුලු
නා.ප්‍ර. අස්ථි කුහර තුළ තිබෙන මොළොක් වූ ද්‍රව්‍යය (පා. මිඤ්ජා)
මින්රළ
නා. මත්ස්‍ය සමූහය
මිනිතය
නා. මිනුම් ශාස්ත්‍රය
මිනිත්තුව
නා. විනාඩිය (පුර්. minuto)
මිනින්දෝරු
වි. මිනුම් කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන (පුර්. medidor)
මිනිබිරිය
නා. දූ පුතුන්ගේ දුව
මිනිය
නා. මළ සිරුර
මිනිරන්
නා.ප්‍ර. ඛනිජ වර්ගයක නාමය
මිනී
වි. මිනිසුන් හා සම්බන්ධ
මිනී අළු
නා. භස්මාවශේෂ
මිනීකුණ
නා. මළ සිරුර
මිනීවළ
නා. මළසිරුර යට කරන වළ
මිනුම
නා. මැනීම