අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 254
මැන්ටලය
නා. ගෑස් ලාම්පු දැල්වීමට ගන්නා දැලක් වැනි උපකරණය (ඉං. mantle)
මැනීම
නා. ප්‍රමාණය දැන ගැනීම
මැඳුර
නා. මන්දිරය (පා. සං. මන්දිර)
මැරුණු
වි. ‘මැරෙනවා’ යන්නෙහි අතීත කෘදන්තය
මැල
නා.ප්‍ර. ගිනිගොඩ
මැලවෙනවා
ක්‍රි. මලානික වෙනවා
මැල්ලුම
නා. දිය ගතිය නැති වන සේ මලවාගත් ව්‍යඤ්ජනය
මැලියම්
නා.ප්‍ර. යමක් ඇලවීමට ගනු ලබන ලාටු විශේෂයක්; ගම්
මැෂිම
නා. රෙදි මසන යන්ත්‍රය/ යන්ත්‍රය (ඉං. machine)
මැසිනිය
නා. මත්ස්යධේනුව (පා. මච්ඡි)
මැසිවිලි
නා.ප්‍ර. අසතුට ප්‍රකාශ කිරීම
මැහැලි
නා.ප්‍ර. වයස්ගත කාන්තාව (පා. මහල්ලිකා)
මැළි
වි. අලස (සං. ම්ලාන)
මෑණියෝ
නා.බහු. මව
මෑනීම
නා. එල්ල කිරීම; ඇටවීම
මෑලි
වි. මහලු වූ; කල් ගත වීමෙන් පරණ වූ
මිටියාවත
නා. කඳු බිම් දෙකක් අතර වූ පහත්බිම/ දෙණිය/ ගඟක් අසබඩ වූ සරු භූමිය
මිණ
නා.ප්‍ර. මැණික/ මල් කොපුව/ සීනුව (පා. සං. මණි)
මිණි කිරුළ
නා. මැණික් එබ්බවූ ඔටුන්න
මිණිදැදිරි
වි. පිපුණු
මිණිපලඟ
නා.ප්‍ර. මැණික්වලින් විසිතුරු කළ පුටුව (පා. මණ්පල්ලඞ්ක)
මිණිපහණ
නා. මැණික්ගල
මිණිමුතු
වි. විකසිත වූ නා.ප්‍ර. මැණික් සහ මුතු
මිණිමුවා
වි. මැණික්වලින් කළ