අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 253
මාරාවේශය
නා. මාරයා ආරූඪ වීම
මාරුතය
නා. වාතය; සුළඟ; කුණාටුව (පා. සං. මාරුත)
මාලක
නා.ප්‍ර. මාළක
මාලක්කම
නා. පිනුම; කරණම; අඩව්ව
මාලය
නා. ගෙල පලඳින ආභරණයක් (පා. සං. මාලා)
මාලාව
නා. මල්දම/ ධාරා සේ පවත්නා රශ්මිය/ පෙළ; සමූහය (පා. සං. මාලා)
මාලිගාව
නා. රජුගේ වාසස්ථානය; උසස් මන්දිරය (දෙ. மாளிகை)
මාලිමාව
නා. දිශාව බලා ගන්නා යන්ත්‍රය
මාලු
1. වි. මහලු; දිරාගිය; පැසුණු (පා. මහල්ලක) 2. නා.ප්‍ර. මත්ස්‍යයා/ ශරීරමාංසය
මාෂභෝග
නා.ප්‍ර. රනිල කුලයට අයත් භෝග
මාහැඟි
වි. ඉතා වටිනා; මහාර්ඝ (පා. මහග්ග සං. මහාර්ඝ)
මාළක
නා.ප්‍ර. සීමා මාලකය/ මළුව (පා. මාලක, මාළක සං. මාලක)
මාළු
නා.ප්‍ර. එළවලු ව්‍යඤ්ජනය/ මත්ස්‍යයා
මාළුපිණි
නා.ප්‍ර. ව්‍යඤ්ජනාදිය
මැකිණිය
නා. මකුණා යන්නෙහි ස්ත්‍රී ලිංග පදය
මැඩලනවා
ක්‍රි. පාගා දමනවා; මර්දනය කරනවා
මැණ
නා.ප්‍ර. මැණික (සං. මාණික්‍ය)
මැණික්
නා.ප්‍ර. මාණික්‍ය (සං. මාණික්‍ය)
මැණික් කටුව
නා. අල්ල හා ඉදිරි බාහුව අතර සන්ධිය
මැඬියා
නා. ගෙම්බා (පා. සං. මණ්ඩූක)
මැතිනිය
නා. මහත්මිය/ ‘මැති’ යන්නෙහි ස්ත්‍රීලිංග පදය
මැතිවරණය
නා. මහජන නියෝජිතයින් පත්කරගැනීම සඳහා පවත්වන ඡන්ද විමසීම
මැදුම්
වි. මධ්‍යම
මැනවි
නි. සුදුසුයි, මනෝඥයි