අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 252

මාතෘකාව

නා. විෂය නාමය (සං. මාතෘකා)

මාතෘත්වය

නා. මව් පදවිය

මාතෘභූමිය

නා. කෙනකුගේ උපන් බිම (සං. මාතෘභූමි)

මාදිලිය

නා. ආකෘතිය; මෝස්තරය/ පිළිවෙළ (දෙ. மாதிரி)

මාධ්‍ය

නා.ප්‍ර. සන්නිවේදන උපක්‍රම/ යමක් කිරීමට යොදා ගන්නා මාර්ගය (සං. මාධ්‍ය)

මාධුර්යය

නා. රසවත් බව (සං. මාධුර්ය)

මාන

නා. අහංකාරය/ සම්මානය/ මැනීම/ උපක්‍රමය නි. වැනි; මෙන් (පා. සං. මාන)

මානකූට

නා.ප්‍ර. බඩු මිලයට ගැනීමේ දී හා විකිණීමේ දී හොරට මැනීම (පා. මානකූට)

මානනවා

ක්‍රි. ඉලක්කය අල්ලනවා

මානනීය

වි. බුහුමනට සුදුසු (සං. මානනීය)

මානව

වි. මිනිසා පිළිබඳ වූ (සං. මානව)

මානව ශාස්ත්‍ර

නා.ප්‍ර. මිනිසුන් පිළිබද ව ඉගෙනීම; ශිෂ්ට කලාවන් පිළිබඳ වූ අධ්‍යයනය

මානසික

වි. සිතෙහි වූ (පා. සං. මානසික)

මානාධික

වි. වැඩි අහංකාරයෙන් යුත්

මානාවුලු

නා.ප්‍ර. පැරණි සිංහල රජ පෙළපතක් (පා. සං. මහානාගකුල)

මානුෂ

වි. මිනිසා පිළිබඳ (සං. මානුෂ)

මානුෂික

වි. මනුෂ්‍යයන් පිළිබඳ (සං. මානුෂික)

මාමණ්ඩි

නා.ප්‍ර. බිරියගේ පියා; මවගේ සහෝදරයා; මාමා

මාර්ගඵල

වි. සෝවාන් ආදි මාර්ගඵල සංඛ්‍යාත (පා. මග්ගඵල)

මාර්ගස්ථ

වි. මාර්ගයට පැමිණි (සං. මාර්ගස්ථ)

මාර්ගෝපකරණ

නා.ප්‍ර. මගට උවමනා දේ

මාර්ගෝපදේශක

නා.ප්‍ර. මග පෙන්වන්නා

මාරාන්තික

වි. මරණයෙන් කෙළවර වන

මාරාවිෂ්ට

වි. මාරයා ආවේශ වූ