සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1258
මුරු
1. නා.ප්‍ර. දෙවි දේවතා.
2. ඇට වර්ගවලින් තෙල් හිඳ ගත් පසු ඉතිරි වන රොඩ්ඩ ; පුන්නක්කු.
3. ‛මුරු මුරු’ යන අනුකරණ ශබ්දය.
මුරුගණ
නා.ප්‍ර. දේව සමූහය.
මුරුත්තාව
1. නා. මූච්ඡාව ; සිහි අඩු වීම ; ක්ලාන්තය.
2. සිහි මූර්ජා වීමේ රෝගයක් ; අපස්මාරය.
මුරුතැන
නා. විශේෂයෙන් දෙවියන් උදෙසා පුදනු ලබන ආහාරය ; මුරුතැන් බත.
මුරුවට
1. නා.ප්‍ර. තල, මී, කොහොඹ ආදි ඇට වර්ග සිඳීමෙන් පසු ඉතිරිවන රොඩු.
2. තල වලින් සාදන කැවිලි වර්ගය.
මුල
1. නා. සියලු ශාකවලට ජීව රස උරා ගැනීමට පිහිට වන ලතා ගණයට අයත් නොවන ශාකවලට කෙළින් නැඟී සිටීමේ ශක්තියක් දෙන අවයවය ; වෘක්ෂලතාවල පාදය.
2. යමක ආරම්භය ; පටන් ගැන්ම ; මූලස්ථානය.
3. සමීපය ; අසල.
4. රාබු අලය.
5. නැකැත් සත් විස්සෙන් එකක්.
6. හේතුව ; නිධානය ; කාරණය.
7. කොන ; කෙළවර.
8. බත්, හකුරු, පැණි ආදිය පිඬු කොට ඔතන ලද පොදිය.
9. ඇට තුළ පිහිටි මිඳුල ; අස්ථි මිඤ්ජය.
10. මොළය.
1. වි. මූලික ; පළමු ; පෙරමුණෙහි සිටින.
2. ප්‍රධාන ; ඉහළ තැන් ගන්නා.
මුලටිය
නා. ගසක මුල් සහිත කොටස.
මුලතලය
නා. හිස් කබල ; ශීර්ෂ කපාලය.
මුලන්
නා.ප්‍ර. කොටා, ගිනි තැබූ හේනේ උගුලා දමන ගස් මුල් සමූහය.
මුල් අගය
නා. බිල්පත් හෝ ව්‍යාපාරික සමාගම්වල කොටස් ආදියේ නාමික අගය.
මුල් අඩිය
1. නා. පළමු පියවර ; ආරම්භක අවස්ථාව.
2. යට ම පේළිය ; අත්තිවාරම ; පහළ ම කොටස.
මුල් අදිනවා
1. ක්‍රි. බීජ ප්‍රරෝහණයේදී බීජයකින් මූලයක් හටගන්නවා ; මුල් මතු වෙනවා.
2. (රූඪි) කෙනෙකු (අනවශ්‍ය ලෙස බොහෝ වේලාවක්) නැවතී සිටිනවා.
මුල් කැට
1. නා.ප්‍ර. හේනක මැද කැබැල්ල ; ඉඩමක මධ්‍ය කොටස.
2. හේන් කෙටීම ආරම්භ කරන තැන තැන්පත් කරනු ලබන නාග රූප ආදිය කෙටූ ගල ; සීමාව දක්වන ගල.
මුල් බැල්ම
(පාරිභා.) නා. බැලූ බැල්මට පෙනෙන දෙය ; ප්‍රථම දර්ශනය.
මුල් බිජු
1. නා.ප්‍ර. මුල් වල බීජ ශක්තිය ඇති, මුල්වලින් හට ගන්නා වූ, කහ, ඉඟුරු ආදි බීජ විශේෂ.
2. කුඹුරේ වැපිරෙන ධාන්‍ය ප්‍රමාණය ; බීජ ප්‍රමාණය අනුව ගැනෙන වපසරිය.
3. බීජ පිණිස ගන්නා මුල් ඇදුණු ඇට රාශිය ; බිත්තර වී.
මුල් බිජුවට
නා.ප්‍ර. බිත්තර වී.
මුල් මුදල
(පාරිභා.) නා. යම් ආර්ථික කටයුත්තකට යොදන මූලික මුදල ; අරමුදල.
මුල් වෙනවා
1. ක්‍රි. ප්‍රධාන වෙනවා ; මූලික වෙනවා.
2. හේතූ වෙනවා ; කාරණ වෙනවා.
මුල්ගල
1. නා. (ගොඩනැගිල්ලක් තැනීමේදී) පළමුවෙන් ම තැන්පත් කරනු ලබන ගල.
2. අඩිතාලම ; අත්තිවාරම.
මුල්ලුව
නා. පස බුරුල් කිරිම සඳහා භාවිත කරන උල් සහිත උපකරණය.
මුලාදෑනියා
නා. යම් පාලන ප්‍රදේශයක් තුළ පවරන ලද රාජ්‍ය කාර්යය නිරත ව සිටින නිලධරයා ; පාලක නිලධාරියා.
මුලැඟිල්ල
මුලැසි වෙනවා
1. ක්‍රි. නැති වෙනවා ; විනාශ වෙනවා ; වැනසෙනවා.
2. පලක් නැති වෙනවා.