මෝල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගිනි ඉපදවීම පිණිස ගානා උඩ දණ්ඩ.
2. සෙක්කුවට දමන කඳ.
3. වී කෙටීම් ආදිය සඳහා ලීයෙන් තැනූ මෝල් දණ්ඩ ; මෝල් ගස ; මෝල් ගහ.
4. පෙර වැව්වල දිය පාලනය සඳහා සොරොවු වැසීමට හා විවෘත කිරීමට ගැනුණු උපකරණය.
5. සිඳීම්, ඇඹරීම් ආදිය සඳහා භාවිත වන නවීන යන්ත්‍රෝපකරණය.
6. යන්ත්‍රෝපකරණ මගින් වැඩ කරන කර්මාන්තායතනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. යන්ත්‍ර සූත්‍රවලින් වැඩ කරන කර්මාන්ත ශාලාව (ල. molen) 2. මෝල්ගස/ ගිනිගාන දණ්ඩ (සං. මූසල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mill
2. n. pounder