සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1275
මොළය
නා. මස්තිෂ්කය ; මත්තලුංගය ; පෘෂ්ඨවංශීන්ගේ කපාලය තුළ තිබෙන්නා වූ ද බුද්ධියේ හා සංවේදිත්වයේ කේන්ද්‍ර ස්ථානය වූ ද මධ්‍ය ස්නායු පද්ධති කොටස.
මොළොක්
වි. තද නැති ; සැර අඩු ; මෘදු ; සිනිඳු ; ප්‍රිය.
නා.ප්‍ර. (කථා.) වී කොටා අවසානයේදී ඉතුරු වන වී සහ හාල් කොටස් ; සහල් ආදිය පිටි කළාට පසු කුඩා කෑලි වසයෙන් ඉතුරු වන කොටස්.
මෝ
1. නා.ප්‍ර. මෝහය.
2. මුඛය ; ද්වාරය.
3. මුව ; කෙසෙල් මුව.
4. අම්මා ; මව. - සර්ව. මේ, මොහු යන ප්‍රථමා රූපයෙහි ස්ත්‍රී ලිංග වචනය.
මෝක්ෂය
1. නා. විමුක්තිය ; මිදීම ; නිදහස්වීම.
2. නිවන් අවබෝධවීම ; නිවන.
3. දිව්‍යලෝකය.
මෝඝ
වි. හිස් ; නිෂ්ප්රයෝජන.
මෝචනය
1. නා. පහව යෑම ; නික්මීම.
2. (පාරිභා.) විසර්ජනය ; ඉවත් කිරීම ; උත්සර්ජනය.
මෝටරය
නා. තෙල්, වාෂ්ප, විදුලිය ආදිය උපයෝගිත්වයෙන් ස්වයං ක්‍රියාකාරිත්වය ඇති කරන යන්ත්‍ර විශේෂය ; එන්ජිම.
මෝඩ
1. වි. අමු ; ගින්නෙන් රත් වී තද නොවුණු.
2. මූඪ ; අඥාන.
මෝඩයා
නා. මූඪයා ; අඥානයා.
මෝන්යෙය වත
නා. මුනි වත ; කථා නොකර සිටීමේ පිළිවෙත.
මෝමූහ
වි. දැඩි ව මුළා වන.
මෝය
නා. මුව දොර ; මෝදර ; ජලාශයක් මුහුදට වැටෙන තැන ; ගංගා දෙකක් එක් වන ස්ථානය.
මෝර
1. නා.ප්‍ර. මාරයා.
2. මිනිසුන් පවා මරා කන දරුණු මාළුවෙක්.
3. මයූරයා ; මොනරා.
මෝරනවා
1. ක්‍රි. ඵල මල් ආදිය වැඩෙනවා ; මුහුකුරා යනවා ; පැහෙනවා.
2. පින්, පව්, ලෙඩ රෝග, අදහස් උදහස් ආදිය වැඩි වනවා ; දියුණු වෙනවා.
3. වයසේ ප්‍රමාණයට වඩා කපටි වෙනවා.
මෝරු
නා. මිදුණු කිරි කලතා සාදාගන්නා පාන විශේෂයක් ; දී කිරෙන් පෙරා ගත් දිය , දී පෙරළි දිය ; මොහොරු.
මෝල
1. නා. ගිනි ඉපදවීම පිණිස ගානා උඩ දණ්ඩ.
2. සෙක්කුවට දමන කඳ.
3. වී කෙටීම් ආදිය සඳහා ලීයෙන් තැනූ මෝල් දණ්ඩ ; මෝල් ගස ; මෝල් ගහ.
4. පෙර වැව්වල දිය පාලනය සඳහා සොරොවු වැසීමට හා විවෘත කිරීමට ගැනුණු උපකරණය.
5. සිඳීම්, ඇඹරීම් ආදිය සඳහා භාවිත වන නවීන යන්ත්‍රෝපකරණය.
6. යන්ත්‍රෝපකරණ මගින් වැඩ කරන කර්මාන්තායතනය.
මෝලංකඩ
1. නා.ප්‍ර. වතුර ගලා වැටෙන තැන.
2. රෙදි සෝදන තැන ; රදා තොට.
3. (කථා.) වහලෙන් වතුර වැටෙන තැන.
4. ගෙයි අගුව ; ගෙදර පිළ අයින.
මෝල්ට්
(පාරිභා.) නා.ප්‍ර. ඇතැම් ධාන්‍ය වර්ගවලින් සාදාගන්නා පෝෂ්‍ය පදාර්ථයක්.
මෝවිට
මුවවිට බ.
මෝසම
1. නා. ඉන්දියානු සාගරයේ වැසි ඇති කරන සුළඟ.
2. කාලය ; වාරය.
3. ලියවිල්ලකින් උසාවියට කරන දැන්වීම ; නඩුවක් සම්බන්ධයෙන් උසාවියට ඉදිරිපත් කරන යෝජනාව ; ඉල්ලීම.
4. (කථා.) (සින්දු ආදිය කීමේදී) අතින් පයින් දක්වන ඉඟිය ; හස්තපාද වික්ෂේපය.
මෝස්තරය
1. නා. ආකාරය ; නියාව ; සැලසුම ; විධිය ; ක්‍රමය ; රටාව.
2. ජාතිය.
මෝහනය
1. නා. වශීකරණය.
2. මුළා කිරීම.
මෝහය
1. නා. මුළාව ; මෝඩකම ; අවිද්‍යාව.
2. මතක නැතිවීම.