සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1274
මේලාව
1. නා. සැණකෙළිය ; උත්සවය.
2. රැස්වීම.
මේවර
1. නා.ප්ර. මෙහෙවර ; සේවය ; වැඩ කටයුතු.
2. ආභරණය.
3. කැටයම.
මේවර කෙළිය
නා. නැති වූ ආභරණයක් සෙවීම මුල් කරගත් ජන ක්රීඩාවක නාමය.
මේෂ
1. නා.ප්ර. එළුවා ; ඒඩකයා.
2. (ජ්යෝති.) රාශියක් ; එළු රැස.
මේස පිහිය
නා. කෑම මේසයේ භාවිතය සඳහා තනාගත් මිට සහිත කුඩා පිහිය.
මේස ලුණු
නා.බහු. කෑමට සකස් කළ වියළි ලුණු කුඩු.
මේසන්
නා.ප්ර. ගඩොල් බිත්ති ආදිය බඳින්නා ; පෙදරේරුවා.
මේසය
නා. ලී, වානේ ආදියෙන් සාදනු ලබන, පාද මත සවි කළ පුවරුවක් සහිත ගෘහ භාණ්ඩයක්.
මේසාව
නා. මුදුන පෙතැලි උස් බිමක් ; සානුව.
මෛත්රිය
1. නා. යහපත් සිතින් සියලු සත්වයන්ට නිදුක්, නිරෝගී සුව පතන මෙත් අරමුණ.
2. මිත්රත්වය ; අද්වේෂය ; දයාව.
මෛත්රී පාරමිතාව
නා. බෝධිසත්වයකු විසින් බුදු බව පතා කරනු ලබන කරුණා, දයා ගුණ ප්රගුණ කිරීම ; දස පාරමිතාවලින් එකක්.
මෛත්රී භාවනාව
නා. සියලු ලෝක සත්ත්වයන් වෙත මෛත්රීය දැක්වීමේ අරමුණෙහි පමණක් සිත පවත්වාගෙන යෙදෙන භාවනාව.
මෛථුනය
නා. ස්ත්රී පුරුෂ සංසර්ගය ; ලිංගික සම්බන්ධය ; මෙවුන්දම.
මොකදුරා
[මොක් + ඇදුරා]
නා. මොක් මග පෙන්වන්නා ; නිර්වාණ මාර්ගය පෙන්වන්නා ; බුදුරජාණන් වහන්සේ.
මොක්
1. නා.ප්ර. මිදීම ; මෝක්ෂය ; නිවන.
2. (ක්රිස්ති.) ස්වර්ගය.
3. ගොළුවා.
4. උතුම් බව.
මොට
1. වි. මුවහත රහිත ; (පිහි ආදියෙහි තුඩ) තියුණු නොවන ; ගෙවුණු.
2. මුළා ; මෝඩ.
මොට්ටක්කිළිය
1. නා. මල්වර වූ පසු යෝනක ස්ත්රීන් හිස හා මුහුණ වැසෙන සේ ලන රෙදිපට.
2. හිස වැසෙන සේ අඳින වස්ත්රය.
මොට්ටයා
නා. මෝඩයා ; අඥානයා.
මොට්ටුව
නා. නොපිපුණු මල ; මලප් කැකුළ ; පොහොට්ටුව.
මොටියා
නා. අල ගෙඩි, ඇට, කඳන් ආදියෙන් නැඟෙනා කුඩා අංකුරය ; මොරෙයියා ; කුරුල්ලා.
මොද
1. නා.ප්ර. සතුට ; සන්තෝෂය.
2. ආමෝදය ; සුවඳ.
මොර
1. නා.ප්ර. මෝරු.
2. මහත් හඬ ; උද්ඝෝෂණය.
3. මයූරයා ; මොනරා.
4. කුඩා ඵල හට ගැනෙන පලතුරු වෘක්ෂයක්.
මොර දෙනවා
ක්රි. මහත් සේ කෑ ගසනවා ; මොර ගසනවා.
මොලපුව
නා. දිය ඇළ.
මොලවනවා
1. ක්රි. දල්වනවා ; ගිනි පත්තුවීම සඳහා පිඹිනවා.
2. මිට එකතු කරනවා.
මොල්ලිය
1. නා. ගව ආදී මෝචනය ඇතැම් සිවුපා සතුන්ගේ පිටි කොන්ද මුල බෙල්ල ළඟ උස් ව වැඩී ඇති මස් පිඬ ; කකුධය.
2. නටන වතුරෙහි නැඟෙන බුබුල.
මොළකැටි
වි. මෘදු ; සිනිඳු ; සුකුමාර.