සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1276
මෞඛ
(පාරිභා.) වි. මුඛය පිළිබඳ.
මෞත්‍ර ලිංගික
(පාරිභා.) වි. මූත්‍ර හා ලිංගික පද්ධති පිළිබඳ වූ.
මෞත්රල්යය
(පාරිභා.) නා. අධික ලෙස මූත්‍ර වහනය වීම.
මෞන
1. නා.ප්‍ර. මුනිවරයකුගේ ස්වභාවය.
2. නුවණ.
3. කථා නොකරන බව ; නිශ්ශබ්දතාව.
මෞලය
(පාරිභා.) නා. (සත්ව.) මූලාකෘතිය විකසනයේ දී පළමු කොට හඳුනාගත හැකි අවයවයක ආරම්භය.
මෞලි
1. නා.ප්‍ර. හිස් මුදුන.
2. හිස මුදුනේ කෙස් ගුළි කොට බැඳි කොණ්ඩය ; කෙස්වැටිය.
3. චූඩා මාණික්‍යය.
ය
මිශ්‍ර සිංහල හෝඩියේ පළමුවන අන්තඃස්ථාක්ෂරය.
නි. සමාප්ති අර්ථය දීමෙහි යෙදේ.
නා.ප්‍ර. යකඩ ; අයස්.
ක්‍රි. යනවා යන්නෙහි (පැරණි) විධි ක්‍රියා රූපය.
සර්ව. යම් ; අවිනිශ්චිත දෙයක් හෝ කෙනෙක්.
ය කටාරම
නා. යකඩින් සෑදූ විශාල භාජනය ; යකඩ කල්දේරම.
ය කටුව
නා. යකඩින් සෑදූ කටුව ; යකඩ උල.
ය ගණය
නා. (ඡන්දස්) මාත්‍රා අට ගණයෙන් එකක් ; පළමු අකුර ලුහු වූත් ඉතිරි අකුරු දෙක ගුරු වූත් ගණය.
යංතං
1. ක්‍රි.වි. මහත් අපහසුවෙන් ; වෑයමින්.
2. සුළු වසයෙන් ; අඩු තරමින්.
යංමාපාංකය
(පාරිභා.) නා. ඇඳීම් පිළිබඳ ප්රත්යාස්ථතාවේ සංගුණකය.
යංශය
නා. ය කාරාංශය ; ව්‍යඤ්ජන ශබ්දයකට පසු ව යෙදෙන 'ය' ශබ්දය නිරූපණය කිරීමට යොදන සංකේතය ; ්ය.
යකඩ
1. නා.ප්‍ර. ඉතා දැඩි ප්‍රධාන ලෝහමය මූල ද්‍රව්‍යයක් වූ අයස්.
2. ආහාරවල අඩංගු පෝෂණ පදාර්ථයක නාමය.
යකඩ අඩුවැඩිය
නා. යකඩෙන් සෑදූ උපකරණය ; යකඩ ආයුධ.
යකඩ ඉන්න
නා. පොළොව හාරන දිග යකඩ උල ; අලවංගුව ; නාරස්සනය.
යකඩ ඌනතාව
නා. යකඩ නම් වූ පෝෂ්‍ය පදාර්ථය අඩු බව ; ශරීර ශක්තියට අවශ්‍ය යකඩ හිඟවීම.
යකඩ ඔක්සයිඩ්
නා.ප්‍ර. ලෝපස් වල ඇති ඉතාමත් පිරිසිදු සංයෝගය ; කළු ලෝපස් හා රතු ලෝපස් සංයෝගය.
යකඩ ක්ලෝරයිඩ්
නා.ප්‍ර. යකඩ කුඩු ක්ලෝරින් මිශ්‍ර බඳුනකට මිශ්‍ර කළ විට එය ගිනි ගැනීමෙන් සෑදෙන රසායනික ද්‍රව්‍යය.
යකඩ කාන්තය
නා. කාන්දම.
යකඩ කාබනේට්
නා.ප්‍ර. යකඩ ආකරවලින් ලබා ගන්නා යපස් විශේෂය.
යකඩ ගහ
(කථා.) නා. මඩින ලද ගොයමේ පිදුරු අස්කර වී බේරීම භාවිත උපකරණය ; උකුනු දැත්ත.
යකඩ තළන්නා
(කථා.) නා. යකඩ වැඩ කරන තැනැත්තා ; කම්මල්කාරයා.
යකඩ දෝලිය
නා. අග බිසෝවගේ (තෙවන) පරිවාර ස්ත්‍රිය ; මහනුවර රාජ්‍ය සමයේ දී ශ්‍රී ලංකාවේ සිටි රජවරුන්ගේ අගමෙහෙසිය නොවූ අන් දේවියන් හැඳින්වූ නාමය.