සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1277
යකඩ නිස්සාරණය
(පාරිභා.) නා. යපස් ධාරා ඌෂ්මකයක උණු කොට ඉන් යකඩ වත්කර ගැනීම.
යකඩ නීරක්තිය
(පාරිභා.) නා. යකඩ නම් පෝෂ්ය පදාර්ථය අර අඩු වීම නිසා ඇති වන රක්තහීනතාව.
යකඩ පයරයිට්ස්
(පාරිභා.) නා.ප්ර. යකඩ සාදාගැනීමට භාවිත කරන ඛණිජයක නාමය ; පිත්තල කුට්ටි මෙන් පෙනෙන යකඩ සල්පයිඩය.
යකඩ පෙණහැල්ල
(පාරිභා.) නා. කෘත්රිම පෙණහැලි විශේෂයක් ; ආශ්වාස ප්රශ්වාස කිරීම පහසු කරන්නා වූ ද පෙණහැල්ලේ පීඩනය වෙනස් කළ හැකි වන ලෙස පපුවට සවි කරනු ලබන්නා වූ ද කුඩා යන්ත්රයක්.
යකඩ පෙරීම
නා. යපස්වල ඔක්සිජන් හා අපිරිසිදු ද්රව්ය සමඟ සංයෝග වූ යකඩ ධාරා ඌෂ්මකයක රත් කිරීමෙන් වෙන්කර ගැනීමේ ක්රියාවලිය.
යකඩ මඩුව
(පාරිභා.) නා. යකඩ ලෝහයෙන් වාත්තු වැඩ කරන ස්ථානය ; යකඩ පට්ටලය ; යකඩ වාත්තු වැඩපළ.
යකඩ මල
නා. යකඩ දිරීමෙන් සෑදෙන මලකඩ.
යකඩ ලභ්යතාව
(පාරිභා.) නා. ශරීරයෙහි යකඩ නමින් හැඳින්වෙන පෝෂ්ය පදාර්ථය ඇති බව ; යකඩ කැල්සියම් සිරුරෙහි අන්තර්ගත වීම.
යකඩ ලී
නා.ප්ර. ඉතා ශක්තිමත් ගස්වල ලී ; යකඩ මෙන් තද ලී.
යකඩ වින්කලය
නා. යකඩ වැඩ කරන ස්ථානය ; යකඩ කම්මල.
යකත්
වි. අයස්කාන්ත ; කාන්දම්.
යකත් පහණ
නා. යකඩ ලෝහය ඇදගන්නා ගල ; අයස්කාන්ත පාෂාණය ; කාන්දම් ගල.
යකදාව
නා. යකඩ ගදා යුධය ; යකඩින් සාදන ලද මුගුර.
යකදුරා
[යක් + ඇදුරා]
නා. අමනුෂ්ය උපද්රව දුරු කිරීමට තොවිල් කරන ඇදුරා ; කට්ටඬියා.
යකනය
නා. යකෘත් මාංශය ; අක්මාව.
යක්
1. වි. යක්ෂ ; යක්ෂයන් හා ආශ්රිත ; යක්ෂයනට සම්බන්ධ.
2. යක්ෂ ගෝත්රයට අයත්.
3. නපුරු ; රෞද්ර ; දැඩි ; බිහිසුණු.
1. නා.ප්ර. රෞද්ර හා ක්රෑර සේ සැලකෙන අමනුෂ්ය කොට්ඨාසයක්.
2. එයින් එක් පුද්ගලයෙක්; යක්ෂයා ; යකා
යක් කුරුල්ලා
නා. පක්ෂියකුගේ නාමය ; උලමා.
යක් තොවිල්
නා.ප්ර. යකුන් උදෙසා පැවැත්වෙන යාග ; මිනිසුන්ට රෝගාදී උපද්රව කරතියි විශ්වාස කරන යක්ෂයන් සඳහා කෙරෙන අභිචාර විධි.
යක් නළාව
නා. යක් තොවිල්වලදී ඒ ඒ යකුන්ට ආරාධනා කිරීම සඳහා දිෂ්ටි මන්ත්ර ගායනා කිරීමේදී වාදනය කරනු ලබන බටනළාව.
යක් නැටුම
1. නා. තොවිලය ; යක්ෂෝපද්රව දුරු කිරීම සඳහා පැවැත්වෙන අභිචාරය.
2. ඒ කටයුතුවලට අයත් නැටුම.
යක් බෙරය
නා. ශ්රී ලංකාවේ පහත රට හෙවත් රුහුණු ප්රදේශයට ආවේණික යක් ශාන්ති කර්මවලදී භාවිත කරන දික් බෙරය ; රුහුණු බෙරය.
යක් ලෙඩ
නා. යකුන්ගේ බලපෑම නිසා ඇතිවෙතැයි විශ්වාස කරනු ලබන ලෙඩ රෝග.
යක් වීදිය
නා. තොවිලයක දී යක්ෂ වෙස් දැක්වෙන විලාශයක්.
යක්කම
නා. යක්ෂ උපද්රව දුරු කිරීමට කෙරෙන ශාන්ති කර්මය ; තොවිලය.