අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 263
මොළකැටි
වි. සුකුමාර
මොළය
නා. පෘෂ්ඨවංශීන්ගේ හිසෙහි තිබෙන මධ්‍ය ස්නායු පද්ධතිය/ බුද්ධිය
මොළවනවා
ක්‍රි. දල්වනවා/ අතේ ඇඟිලි නමා මිට හදනවා
මොළොක්
වි. මෘදු
මෝක්ෂය
නා. විමුක්තිය/ නිවන/ දිව්‍ය ලෝකය (සං. මොක්ෂ)
මෝචනය
නා. පහව යෑම; නික්මීම (පා. සං. මොචන)
මෝදක
නා.ප්‍ර. ප්රබෝධජනක රසායන ඔසු වෙසෙසක්/ අසමෝදගම්
මෝරනවා
ක්‍රි. මුහුකුරා යනවා; වැඩෙනවා
මෝල
1. නා. යන්ත්‍ර සූත්‍රවලින් වැඩ කරන කර්මාන්ත ශාලාව (ල. molen) 2. මෝල්ගස/ ගිනිගාන දණ්ඩ (සං. මූසල)
මෝලංකඩ
නා. වහලයකින් වතුර වැටෙන තැන; අගුපිල/ තුන් මංසල
මෝලිය
1. නා. පදමට සැකසූ පිටි ගුළිය (පුර්. molho) 2. හිස් වෙළුම
මෝසම
1. නා. උසාවියකින් නියෝගයක් ඉල්ලීම (ඉං. motion) 2. වැසි ලබාදෙන ආවර්ත සුළඟ (අරා. mausim)
මෝහනය
නා. මුළාවීම/ සිත් වශීවීම (සං. මොහන)
මෝහිනී
නා.ප්‍ර. පුරුෂයන් මුළා කරන, පොළඹවන රූමත් කාන්තාව; කිරිමුහුද කැලඹීමේ දී අසුරයන් අතට පත් අමෘතය පැහැර ගැනීම සඳහා විෂ්ණු විසින් මවාගත් කාන්තා රූපය (සං. මොහිනී)
මෞත්‍ර
වි. මූත්‍ර සම්බන්ධ (සං. මෞත්‍ර)
මෞනව්‍රතය
නා. මුනිවත රැකීම (සං. මෞනව්රත)
මෞර්ය
නා. එනම් රාජවංශය; චන්ද්‍රගුප්ත රජුගෙන් ඇරඹුණු රජ පෙළපත (සං. මෞර්ය)
මෞලික
නා.ප්‍ර. ඉස්මුදුන/ කොණ්ඩය/ ඔටුන්න/ චූඩාමාණික්‍යය (සං. මෞලි)
යංශය
නා. හල් අකුරකට පසුව යෙදෙන ‘ය’ ශබ්දය නිරූපනය කිරීමට භාවිත සංකේතය
යක්ෂ
නා.ප්‍ර. භූතාත්ම විශේෂයක්/ මිනිස් ගෝත්‍රයක් (සං. යක්ෂ)
යක්ෂණිය
නා. යකින්න (සං. යක්ෂිණි)
යක්ෂාධිගෘහිත
වි. යකුන් අරක් ගත්
යක්ෂාරූඪ
වි. යක්ෂාත්මයක් සිරුරට පිවිසුණු
යක්ෂාවේශය
නා. යකුන් වැහීම; යක්ෂාරූඪය