අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 264
යකිනි
නා.ප්‍ර. යක්ෂ ස්ත්‍රිය
යකුළ
නා. යකඩින් සෑදූ කුළුගෙඩිය
යකෘතය
නා. අක්මාව (සං. යකෘත්)
යගදාව
නා. යකඩ මුගුර
යගුළිය
නා. යකඩ ගුළිය
යඥ
නා.ප්‍ර. යාගය; දේව පූජාව (සං. යඥ)
යතීශ්වර
නා.ප්‍ර. සංඝයාගේ ප්‍රධානයා (සං. යතීශ්වර)
යතුරුලියනය
නා. ටයිප් කරන යන්ත්‍රය; ටයිප්රයිටරය
යතුරුලේඛක
නා.ප්‍ර. ටයිප් රයිටරයෙන් ලේඛනය කරන්නා; ටයිප් ගසන්නා
යථා
නි. යම් සේ (පා. සං. යථා)
යථාතත්ත්වය
නා. නියම ස්වභාවය; ඇති සැටිය (සං. යථාතත්ත්ව)
යථානුරූප
වි. සුදුසු ලෙස (සං. යථා + අනුරූප)
යථාභූත
වි. ඇති සැටියේ වූ; නියම ලෙසින් ඇති වූ (පා. සං. යථාභූත)
යථාර්ථය
නා. නියම අර්ථය (සං. යථාර්ථ)
යථාර්ථවාදය
නා. යමක් ඇති සැටියෙන් ඇගයීමේ පිළිවෙත
යථාවබෝධය
නා. නියම අවබෝධය
යථාවාදී
වි. කියන පරිදි
යථාසාදෘශ්යය
නා. යම්කිසි ප්‍රමාණයක සමානත්වය
යථෝක්ත
වි. ඉහතින් කී (සං. යථොක්ත)
යන්ත්‍ර
නා.ප්‍ර. යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය සහිත උපකරණය/ ජීවම් කරන ලද භූත විද්‍යාත්මක ලිඛිත හෝ රේඛිත සටහන (සං. යන්ත්‍ර)
යන්ත්‍රණය
නා. ක්‍රමය/ යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය (සං. යාන්ත්‍රණ)
යන්ත්‍රානුසාරයෙන්
ක්‍රි.වි. යාන්ත්‍රික ව; යන්ත්‍ර මඟින්
යන්ත්‍රාලය
නා.ප්‍ර. මුද්‍රණාලය (සං. යන්ත්‍රාලය)
යන්ත්‍රෝපකරණ
නා. යාන්ත්‍රික ව ක්‍රියා කරන උපකරණ
යමක ප්රාතිහාර්යය
නා. ශරීරයේ එක් එක් රෝම කූපයකින් ගිනි හා දිය එක්වර නිකුත් වන සේ දැක්වූ හාස්කම; යමාමහ පෙළහර (සං. යමකප්‍රාතිහාර්ය)