අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 265

යමහල

1. නා. ගිනිකන්ද 2. සල් ගස් දෙක/ බුද්ධ පරිනිර්වාණය සිදු වූ උද්‍යානය (පා. යමකසාල)

යලමහ

නා.ප්‍ර. යල් කන්නය හා මාස් කන්නය

යවන

නා.ප්‍ර. යෝනකයා (සං. යවන)

යවුල

නා. යකඩ ඉන්න; යකඩ උල

යශස්

නා.ප්‍ර. කීර්තිය; සම්පත්තිය (සං. යශස් පා. යස, යසො)

යශෝධර

වි. කීර්තිය දරන (සං. යශොධර පා. යසොධර)

යශෝධරා

නා. රාහුල කුමරුගේ මව (සං. යශොධර පා. යසොධර)

යශෝරාවය

නා. කීර්ති ඝෝෂාව

යෂ්ටිය

නා. සැරයටිය/ රිටක් වැනි ලීය (සං. යෂ්ටි)

යසශ්‍රීය

නා. කීර්ති සම්පත්තිය

යසස්

නා.ප්‍ර. යශස්

යසුනු

නා.ප්‍ර. යකඩ කුඩු

යහන

1. නා. සයනය (පා. සයන සං. ශයන) 2. යානය; රථය (පා. යාන)

යහළු

වි. මිත්‍ර වූ

යහුල

නා. යකඩ උල

යළ

නි. නැවත

යළිත්

නි. නැවතත්

යාකෘතික

වි. යකෘතය පිළිබඳ වූ; අක්මාව පිළිබඳ වූ

යාච්ඤා

නා.ප්‍ර. අයැදීම; දෙවියන් වහන්සේගෙන් කරන බැගෑපත් ඉල්ලීම (සං. යාච්ඤා)

යාත්‍රා

නා.ප්‍ර. ගමන/ අහසෙහි හෝ දියෙිහ ගමන් කරන යානාව (සං. යාත්‍රා)

යාදිනි

නා.ප්‍ර. ආයාචනය (සං. යාච්ඤා)

යාන වාහන

නා.බහු. ගුවනෙහි, ගොඩබිමෙහි යෑමට හා බර ගෙන යෑමට භාවිත කරන සියලු මාධ්‍ය

යාන්ත්‍රණය

නා. යන්ත්‍රණය