අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 266
යාන්ත්‍රික
වි. යන්ත්‍ර හා සම්බන්ධ (සං. යාන්ත්‍රික)
යාල
නා. ධාන්‍ය මැනීම සඳහා භාවිත මිනුම් ඒකකයක්; කුරුණිය/ අමුණු විස්ස
යාවත්කාලීන
වි. වර්තමානයට ගැළපෙන; කාලයට සුදුසු
යුක්තාණුව
නා. ජන්මාණු දෙකක් එකතුවීමෙන් ලැබෙන දේහය
යුගන්ධර
නා.ප්‍ර. පැරණි සාහිත්‍යයේ සඳහන් සප්තකූට පර්වතයන්ගෙන් එකක් (පා. යුගන්ධර)
යුගළ
නා.ප්‍ර. දෙක/ දෙදෙන (පා. යුගල, යුගළ සං. යුගල)
යුද
නා.ප්‍ර. යුද්ධ
යුද සෙබළා
නා. යුද්ධ භටයා
යුදඟණ
නා.ප්‍ර. යුද පිටිය; යුද්ධාංගණය (පා. යුද්ධාඞ්ගණ)
යුද්ධ
නා.ප්‍ර. සටන (පා. සං. යුද්ධ)
යුද්ධ භටයා
නා. සටනෙහි යෙදෙන්නා; යුද සේනාවට අයත් තැනැත්තා
යුද්ධාධාර
නා.ප්‍ර. යුද්ධය සඳහා ලැබෙන උපකාර
යුද්ධාධිකරණය
නා. යුද්ධ හමුදාව විසින් හමුදා නිලධරයන්ගේ නඩු විසඳීම පිණිස පිිහිටුවන ලද විශේෂ අධිකරණය (සං. යුද්ධ+අධිකරණ)
යුද්ධායුධ
නා.බහු. යුද්ධයේ දී භාවිත කරන අවි ආයුධ
යුද්ධෝපකරණ
නා. යුද්ධ කිරීමට අවශ්‍ය අවි ආයුධ ආදිය (සං. යුද්ධොපකරණ)
යුනානි
නා.ප්‍ර. අරාබිවරුන්ගේ වෛද්‍ය ක්‍රමයක් (අරා. යුනානි)
යුවළ
නා.ප්‍ර. ජෝඩුව; දෙක (සං. යුගල පා. යුගල, යුගළ)
යුෂ
නා.ප්‍ර. ඉස්ම (සං. යූෂ පා. යූස)
යුෂ්මතා
සර්වනා. ‘ත’ ශබ්දකාරක සර්ව නාමයක්; ඔබ (සං. යුෂ්මත්)
යුහුසුලු
වි. ඉක්මන් බවින් යුතු
යූථ
නා.ප්‍ර. සමූහය; රැළ; රංචුව (පා. සං. යූථ)
යූපස්තම්භය
නා. ස්තූපයන්හි ගර්භයෙහි සිටුවන කණුව/ යාගයට සිටුවන කණුව/ ජයටැඹ
යෙරුසලම
නා. ක්‍රිස්තු භක්තිකයන්ගේ ශුද්ධ නගරය; ජෙරුසලම (ඉං. Jerusalem)
යෙහෙළි
නා.ප්‍ර. මිතුරිය/ ලේලිය