ලෑල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලී කඳකින් ඉරන ලද තුනී ලී තහඩුව.
2. සිමෙන්ති ගල් ආදියෙන් සෑදුණු සිහින් පතුර ; පුවරුව ; ඵලකය.

ලැහැල්ල බ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දැවයෙන් ඉරාගත් පළල් වූ තරමක් ඝන වූ පතුර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. board
2. n. plank