වියන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දූලි ආදිය වැටීම වැළැක්වීම සඳහා වහලක් යටින් අතුරා බඳින රෙද්ද.
2. ඇඳක සිවු කොන්හි පිිහටි කණු මත තිරස්ව බඳින රෙද්ද.
3. ගෞරවනීය වස්තුවලට නොයෙක් උතුමන්ට ඉහළින් අතුරනු ලබන රෙද්ද.
4. ඝන කැලෑවක ඉහළින් අතු වැල් ආදිය එකිනෙක පටලැවීමෙන් සෑදෙන ස්තරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගෞරවය හෝ පිරිසිදු භාවය වෙනුවෙන් ඉහළින් යොදන රෙද්ද (පා. සං. විතාන)