අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 220

පුනර්ජනනය

නා. නැවත නැවත හට ගැනීම

පුනර්ජීවනය

නා. නැවත ජීවය ලැබීම (සං. පුනර්ජීවන)

පුනර්භවය

නා. නැවත ඉපදීම (සං. පුනර්භව)

පුනරාගමනය

නා. නැවත පැමිණීම (සං. පුනරාගමන)

පුනරාවර්ජනය

නා. නැවත මෙනෙහි කිරීම

පුනරාවර්තන

වි. නැවත සිදුවන (සං. පුනරාවර්තන)

පුනරීක්ෂණ

නා.ප්‍ර. උගත් පාඩම් නැවත සිහියට නැංවීම

පුනරුක්ත

වි. නැවත කියන ලද (සං. පුනරුක්ත)

පුනරුච්චාරණය

නා. නැවත උච්චාරණය කිරීම

පුනරුත්ථානය

නා. නැවත නගා සිටුවීම

පුනරුත්ථාපනය

නා. නැවත නැගී සිටීම; නැවත එසවීම (සං. පුනරුත්‍ථාන)

පුනරුත්පත්තිය

නා. නැවත ඉපදීම; පුනර්භවය (සං. පුනරුක්පත්ති)

පුනරුත්පාදනය

නා. නැවත ඉපදවීම; නැවත ඇති කිරීම (සං. පුනරුත්පාදන)

පුනරුදය

නා. නැවත පහළ වීම

පුනරුද්ධරණය

නා. නැවත ගොඩ නැංවීම (සං. පුනරුද්ධරණ)

පුන්

වි. පිරුණු (පා. පුණ්ණ සං. පූර්ණ)

පුන්කලස

නා. ජලයෙන් පිරුණු, පොල්මල් සහිත කලස

පුනීලය

නා. කට කුඩා භාජන තුළට ද්‍රව වර්ග පිරවීමට යොදා ගන්නා උපකරණය (ඉං. funnel)

පුප්ඵුසීය

වි. පෙනහල්ලට අයත් (සං. පුප්ඵුසීය)

පුපුරන ද්‍රව්‍ය

නා.ප්‍ර. වෙඩි බෙහෙත් ආදි පිපිරවිය හැකි දේ

පුපුළ

වි. පිපිරුණා වූ

පුර පසළොස්වක

නා.ප්‍ර. පුර පක්ෂයෙහි දින පහළොවක් සම්පූර්ණ වීම; සඳ පිරී පවතින අවස්ථාව

පුරඟන

නා. පුරයෙහි වසන කාන්තාව; පුර කත

පුරශ්චාර්වක

නා.ප්‍ර. දත් වර්ග සතරින් එකක නාමය