අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 221

පුරස්ථ ග්‍රන්ථිය

නා. පුරුෂ ප්‍රජනන පද්ධතියට අයත් ග්‍රන්ථියක්

පුර්තුගාලය

නා. යුරෝපයේ පිහිටි රටක නාමය (ඉං. Portugal)

පුර්තුගීසි

නා.ප්‍ර. පුර්තුගාලයේ වැසියන් හා ඔවුන්ගේ භාෂාව (ඉං. Portugese)

පුරාණ

වි. අලුත් නොවූ (සං. පුරාණ)

පුරාණෝක්ති

නා.ප්‍ර. පැරණි කථා පුවත්; ජනප්‍රවාද

පුරාතන

වි. පැරණි; පුරාණයට අයත් (සං. පුරාතන)

පුරාවිද්‍යාඥයා

නා. පුරාවිද්‍යාවෙහි ප්‍රවීණයා

පුරාවෘත්තය

නා. පැරණි ජනප්‍රවාදය/ ඉතිහාසය (සං. පුරාවෘත්ත)

පුරිසධම්මසාරථී

නා.ප්‍ර. දමනය කළ යුතු පුරුෂයන් දමනය කිරීමේ බුදු ගුණය

පුරුෂ ශක්තිය

නා. පිරිමියකු සතු ලිංගික ශක්‍යතාව

පුරුෂධෛර්යය

නා. දුක ඉවසා දරාගත හැකි ශක්තිය; ධීර ගුණය

පුරුෂයා

නා. පුද්ගලයා; තැනැත්තා/ පිරිමියා/ ස්වාමිපුරුෂයා/ සේවකයා (සං. පුරුෂ)

පුරුෂාර්ථ

නා. මිනිසා විසින් සඵල කරගත යුතු උසස් කාර්ය සිද්ධිය (සං. පුරුෂාර්ථ)

පුරුෂෝත්තමයා

නා. ශ්‍රේෂ්ඨ පුද්ගලයා (සං. පුරුෂොත්තම)

පුරෝකථනය

නා. පූර්වානුමානය; අනාවැකිය

පුරෝගමනය

නා. පිළිගැනීම සඳහා පෙරමඟට යෑම (සං. පුරොගමන)

පුලන්නා

නා. යමක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නා

පුලස්ති

නා.ප්‍ර. ඍෂිවරයකුගේ නාමය; පුලතිසි (සං. පුලස්ති)

පුල්ලි

නා.ප්‍ර. ලපය; පැල්ලම (දෙ. புள்ளி)

පුල්ලිංගය

නා.ප්‍ර. පුරුෂ නිමිත්ත (පා. පුල්ලිඞ්ග)

පුලිඟුව

නා. ගිනි පුපුර හෝ විදුලි පුපුර (පා. ඵුලිඞ්ග සං. ස්ඵුලිඞ්ග)

පුලින

නා.ප්‍ර. වැලි; වාලුකා/ වැලිතලාව (පා. පුලින, පුළින සං. පුලින)

පුලුටු

වි. පිලිස්සූ; පලහන ලද/ රවාගත්; හකුළාගත් (පා. පලුට්ඨ)

පුලුන්

නා.ප්‍ර. පුළුන්