අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 222
පුලුස්සනවා
ක්‍රි. දවනය; පුච්චනවා (සං. පලුෂ්යති)
පුවසළ
නා.ප්‍ර. නැකතක නාමය (ප්‍රා. පුව්වාසාඪ සං. පූර්වාෂාඪා)
පුවළ
වි. බොහෝ වූ; අධික වූ/ උසස්; උත්තම (සං. ප්‍රෞඪ)
පුෂ්කරණිය
නා. පොකුණ; විල/ පියුම (පා. පොක්ඛරණි සං. පුෂ්කරණී)
පුෂ්ට
වි. පෝෂණය කළ (සං. පුෂ්ට)
පුෂ්ටිමත්
වි. තරබාරු; ස්ථූල/ මහත්; පූර්ණ (සං. පුෂ්ටිමත්)
පුෂ්ප
නා.ප්‍ර. මල; කුසුම (සං. පුෂ්ප)
පුෂ්පබාණ
නා.ප්‍ර. අනංගයා (සං. පුෂ්පබාණ)
පුෂ්පෝපහාර
නා.ප්‍ර. මලින් කරන උපහාරය
පුස්කොළ පොත
නා. ලියන ලද තල් කොළ එක් කොට සාදාගත් ග්‍රන්ථය
පුස්තකය
නා. පොත; ග්‍රන්ථය (සං. පුස්තක)
පුස්තකාරූඪ
වි. පොතකට ඇතුළත් වුණු
පුස්තකාලය
නා.ප්‍ර. පොත්ගුල (සං. පුස්තකාලය)
පුස්තකාලයාධිපති
නා.ප්‍ර. පුස්තකාලයක ප්‍රධාන නිලධාරියා)
පුහුණුව
නා. පළපුරුද්ද ඇති කිරීම
පුළින
නා.ප්‍ර. පුලින
පුළුන්
නා.ප්‍ර. කපු, ඉඹුල් ආදි ගෙඩිවල ඇතුළත ඇති සියුම් කෙඳි
පුළුල්
වි. පටු නොවූ/ පැතිරුණා වූ (පා. පුථුල සං. පෘථුල)
පුළුල්ල
නා. පැස; කූඩය (පා. සං. පුට)
පුළුලුකුළ
නා. පුළුල් වූ උකුළ
පුළුවන්
වි. යමක් කිරීමට හැකි; සමත් (පා. පටිපන්න සං. ප්‍රතිපන්න)
පූජනීය
වි. පූජාවට සුදුසු (පා. සං. පූජනීය)
පූජ්‍ය
වි. පිදිය යුතු (සං. පූජ්‍ය)
පූජෝපකරණ
නා.ප්‍ර. පූජාවකට ගන්නා බඩු භාණ්ඩ