බුද්ධදත්ත පාලි අකාරාදිය – 178

ඔපරජ්ජ

න. යුව රජ කම.

ඔපවය්හ

3. නැගී යාමට සුදුසු.

ඔපසායික

3. සමීපයෙහි නිදන.

ඔපාත

පු. පහළ වැටීම; බොරු වළ.

ඔපාතෙති

(අව+පත+ණෙ) අතරෙහි හෙළයි; පහත දමයි.

ඔපාන

න. දිය මැස්ස; පැන් බොන තැන; ළිඳ.

ඔපායික

3. යෝග්‍ය; සුදුසු.

ඔපිය

පූ.ක්‍රි. දමා; බහා.

ඔපිලාපිත

3. ජලයෙන් යට කර වූ.

ඔපිලාපෙති

(අව+ප්ලව+ණෙ) කිමිදවයි; දියෙන් යට කරවයි; පාකරවයි.

ඔපුණාති

(අව+උ+ණා) ධාන්‍ය පොළයි.

ඔපුණිත්වා

පූ.ක්‍රි. පොළා.

ඔභග්ග

3. බිඳ දැමූ; බිඳුණු.

ඔභාස

පු. ආලෝකය; එළිය.

ඔභාසති

(අව+භාස+අ) බබළයි.

ඔභාසන

න. එළිය කිරීම; බැබළීම.

ඔභාසයමාන

3. බබුළුවන; බබුළුවමින්.

ඔභාසිත

3. බැබළ වූ; බැබළුණු.

ඔභාසෙත්වා

පූ.ක්‍රි. බබුළුවා.

ඔභාසෙති

(අව+භාස+ණෙ) බබුළුවයි.

ඔභාසෙතුං

නි. බබුළුවන්ට.

ඔභාසෙන්ත

3. බබුළුවන; බබුළුවමින්.

ඔම

3. පහත්; මිටි; ලාමක.

ඔමක

3. පහත්; මිටි; ලාමක.