බුද්ධදත්ත පාලි අකාරාදිය – 177

ඔදිස්සක

3. නියම කළ; වෙන් කළ.

ඔධි

පු. ප්‍රමාණය; සීමාව.

ඔධිසො නි

ප්‍රමාණ වශයෙන්; සීමා වශයෙන්.

ඔධුනාති

(අව+ධු+නා) කම්පා කරයි; ගසා දමයි.

ඔධුනිත්වා

පූ.ක්‍රි. කම්පා කොට; ගසා දමා.

ඔධූත

3. කම්පා කළ; ගසා දැමූ.

ඔනත

3. පහතට නැමුනු.

ඔනද්ධ

3. ඔතන ලද; වසා වෙළන ලද; වැසී ගිය.

ඔනන්ධති

(අව+නධි+ංඅ) නො පෙනෙන සේ ඔතයි; වෙළයි.

ඔනමති

(අව+නමු+අ) කරබායි; නැමේ; පාත් වේ.

ඔනමන

න. කරබෑම; නැමීම.

ඔනමන්ත

3. කරබාමින්; නැමෙන; නැමෙමින්.

ඔනමිත්වා

පූ.ක්‍රි. කරබා; නැමී; පහත් වී.

ඔනමිතුං නි

නැමෙන්ට.

ඔනමිය

පූ.ක්‍රි. කරබා; නැමී; පහත් වී.

ඔනය්හති

(අව+නහ+ය) ඔතයි; වෙළයි.

ඔනහන

න. එතීම; වෙළීම.

ඔනීත

3. ඉවත් කළ; ඉවතට ගත්.

ඔනොජන

න. පරිත්‍යාගය; බෙදා දීම.

ඔපක්කමික

3. උපක්‍රමයකින් හටගත්.

ඔපනයික

3. සමීපයට පමුණුවන.

ඔපපාතික

3. ඉබේ පහළ වූ; මවුකුස පිළිසිඳගැන්මක් නැතිව උපන්.

ඔපපාතී

3. ඉබේ පහළ වූ; මවුකුස පිළිසිඳගැන්මක් නැතිව උපන්.

ඔපම්ම

න. උපමාව.