බුද්ධදත්ත පාලි අකාරාදිය – 199

කම්මනානත්ත

න. කර්මයාගේ වෙනස් බව.

කම්මනිමිත්ත

න. මරණාසන්න කර්ම අරමුණ.

කම්මපථ

3. ක්‍රියා මාර්ගය.

කම්මප්පච්චය

3. කර්මය ඉපදීමේ හේතුව කොට ඇති.

කම්මප්පත්ත

3. විනය කර්මයක් කිරීමට රැස් වූ.

කම්මඵල

න. කර්මයේ ඵලය.

කම්මබන්ධු

3. කර්මය නෑයෙකු සේ ඇති.

කම්මබල

න. කර්මයේ ශක්තිය.

කම්මයොනි

3. කර්මය උප්පත්තිස්ථාන කොට ඇති.

කම්මවාචා

ඉ. භික්ෂූන‍්ගේ විනය කර්ම සිදු කිරීම සඳහා නියමිත වාක්‍යය.

කම්මවාද

පු. කර්මය ඇතැයි කීම.

කම්මවාදී

පු. කර්මය ඇතැයි කියන්නා.

කම්මවිපාක

පු. කර්මයේ ඵලය.

කම්මවෙග

පු. කර්ම බලය.

කම්මසම්භව

3. කර්මය නිසා උපන්.

කම්මසමුට්ඨාන

3. කර්මයෙන් හට ගන්නා.

කම්මසරික්ඛක

3. කළ කර්මයට ගැළපෙන.

කම්මස්සක

3. කර්මය අයිතිය කොට ඇති.

කම්මසාමි

පු. කර්මාන්තයේ අයිති කාරයා.

කම්මාධිට්ඨායක

පු. වැඩක් කරවීමේ භාර කාරයා.

කම්මානුරූප

3. කළ කර්මයට සුදුසු.

කම්මායූහන

න. කර්මයන් රැස් කිරීම.

කම්මාරම්භ

පු. වැඩක් පටන් ගැනීම.

කම්මාරහ

3. වැඩට යෝග්‍ය; විනය කර්මයට සුදුසු.