බුද්ධදත්ත පාලි අකාරාදිය – 198

කම්බිලි

3. කම්බිලියක් ඇත්තා.

කම්බු

පු. න. රන්; ‍හක්ගෙඩිය.

කම්බුගීව

3. හක්ගෙඩියකට සමාන වූ හෝ හරස් හිරි තුනකින් යුත් බෙල්ල ඇති.

කම්බොජ

පු. කාම්බෝජ දේශය.

කම්ම

න. කර්මය; ක්‍රියාව; වැඩය.

කම්මකර

පු. කම්කරුවා; වැඩකරන්නා.

කම්මකරණ

න. වැඩ කිරීම.

කම්මක්ඛය

පු. කර්මය ගෙවා දැමීම හෝ විනාශ කිරීම.

කම්මකාර

පු. කම්කරුවා; ලෝකරුවා; වැඩකරන්නා.

කම්මකාරක

න. කර්මකාරකය; ද්විතීයාර්ථය.
පු. වැඩ කරන්නා.

කම්මකාරණා

ඉ. කම්කටුලු; වධ දීම.

කම්මජ

3. කර්මයෙන් හට ගත්.

කම්මජවාත

පු. ප්‍රසූතියේදී විලි පැහැරීම.

කම්මජාත

න. කර්ම සමූහයා; නානා වැඩ; වැඩ රාශිය.

කම්මඤ්ඤ

3. වැඩට යෝග්‍ය වූ.

කම්මඤ්ඤතා

ඉ. වැඩට යෝග්‍ය බව.

කම්මට්ඨාන

න. කමටහන; භාවනාවට අරමුණ.

කම්මට්ඨානික

3. කමටහන් ගත් (පුද්ගලයා).

කම්මදායාද

3. කර්මය අයිතිය කොට ඇති.

කම්මධාරය

පු. විශෙෂණ විශෙෂ්‍ය සමාසය.

කම්මන්ත

පු. කර්මාන්තය; වැඩය.

කම්මන්තට්ඨාන

න. වැඩ කරන තැන; වැඩපොල.

කම්මන්තාධිට්ඨායක

පු. වැඩ කරවන ප්‍රධානියා.

කම්මන්තික

පු. කර්මාන්තයක යෙදුණු අය.