බුද්ධදත්ත පාලි අකාරාදිය – 197

කපොල

පු. කම්මුල; කොපුල.

කබන්ධ

පු. න. හිස නැති ශරීරය.

කබර

3. මිශ්‍ර වර්ණයෙන් යුත්.

කබල

පු. න. පිඩ; බත් පිඩ.

කබලිංකාරාහාර

පු. පිඩු වශයෙන් අනුභව කරන ආහාරය.

කබ්බ

න. කවිය; කාව්‍ය; කාව්‍ය.

කම

පු. පිළිවෙළ; යාම.

කමණ්ඩලු

පු. න. කෙණ්ඩිය.

කමති

(කමු+අ) ගමන් කරයි; යයි.

කමනීය

3. ප්‍රිය වූ; සිත්කලු.

කමල

න. නෙලුම් මල; පියුම.

කමලදල

න. පියුම් පෙත්ත.

කමලාසන

පු. බ්‍රහ්මයා.

කමලිනී

ඉ. පියුම් විල.

කම්පක

3. කම්පා කරන.

කම්පති

(කම්ප+ණෙ) කම්පා වේ; වෙව්ලයි; සෙල වේ‍.

කම්පන

න. කම්පාව; සෙලවීම.

කම්පා

ඉ. චලනය; වෙවිලීම; සෙල්ලීම.

කම්පිත

3. සෙලවිය හැකි; සොලවන ලද.

කම්පිය

පූ.ක්‍රි. කම්පා කොට; සොලවා.

කම්පෙත්වා

පූ.ක්‍රි. කම්පා කොට; සොලවා.

කම්පෙති

(කම්ප+ණෙ) කම්පා කරයි; සොලවයි.

කම්පෙන්ත

3. කම්පා කරන; කම්පා කරමින්.

කම්බල

පු. න. කම්බිලිය; ලොම්වලින් වියූ වස්ත්‍රය.