බුද්ධදත්ත පාලි අකාරාදිය – 196
කප්පාස
න. කපු (පුලුන්); කපු පුලුන් රොද.
පු. කපු ගස.
කප්පාසමය
3. කපු නූලෙන් වියූ.
කප්පාසික
3. කපු ගස් ඇති; කපු පුලුන් වලින් තැනූ.
කප්පික
3. කල්පයට අයත්.
කප්පිත
3. ඇන්ද වූ; කපන ලද; කල්පනා කළ; පිළියෙළ කළ; සැරසූ.
කප්පිය
3. කැප වූ; යෝග්‍ය වූ; ශික්ෂාවන්ට විරුද්ධ නොවූ.
කප්පියකාරක
පු. පැවිද්දන්ට යෝග්‍ය සේ සපයා දෙන්නා.
කප්පියකාරකි
පු. කැපකරුවා.
කප්පියභාණ්ඩ
න. භික්ෂූන්ට යෝග්‍ය බඩු.
කප්පුර
පු. න. කපුරු.
කප්පෙත්වා
පූ.ක්‍රි. අන්දවා; කපා.
කප්පෙති
(කප්ප+ණෙ) අන්දවයි; (කප්ප+ණෙ) කපයි; කරයි; (කප්ප+ණෙ) කල්පනා කරයි; පිළියෙළ කරයි; සරසයි.
කප්පෙන්ත
3. කපන; කපමින්; කරන; කරමින්; සරසන; සරසමින්.
කපාල
න. කටුව; කබල.
කපාලක
න. කුඩා කබල හෝ භාජනය.
කපි
පු. වඳුරා.
කපිකච්චු
පු. කසඹිලියා.
කපිඤ්ජල
පු. වටුවෙකු වැනි පක්ෂියෙක්.
කපිත්ථ
න. දිවුල් ගෙඩිය.
පු. දිවුල් ගස.
කපිල
3. නිල් රන්වන්; පු. නිල් රන්වන් පැහැය.
කපිලවත්ථව
3. කපිලවස්ථවට අයත්.
කපිලවත්ථු
න. කිඹුල්වත් පුරය.
කපොත
පු. පරෙවියා.
කපොතපාලිකා
ඉ. පරෙවි කූඩුව; වහලේ කොබෝ ගෙඩි වළල්ල.