බුද්ධදත්ත පාලි අකාරාදිය – 212

කිණිත්වා

පු. ක්‍රි මිලට ගෙන.

කිණිතුං

නි. මිලට ගන්ට.

කිතව

පු. කපටියා.

කිත්තක

3. කොපමණ.

කිත්තන

න. පැසසීම; වර්ණණා කිරීම.

කිත්තාවතා

නි. කොපමණකින්.

කිත්ති

ඉ. කීර්තිය; යසශ.

කිත්තිඝොස

පු. කීර්ති ඝෝෂාව.

කිත්තිම

3. නිපද වූ; සාදන ලද.

කිත්තිමන්තු

3. කීර්තිමත්; ප්‍රකට කීර්තිය ඇති.

කිත්තිසද්ද

පු. කීර්ති ඝෝෂාව.

කිත්තෙති

(කිත්ත+ණෙ) පසසයි; වර්ණණා කරයි.

කින්නර

පු. කිඳුරා.

කින්නරී

ඉ. කිඳුරිය.

කිපිල්ලිකා

ඉ. කූඹියා; හින්නා.

කිබ්බිස

න. දරුණු ක්‍රියාව.

කිබ්බිස කාරී

3. දරුණු ක්‍රියා කරන්නා.

කිමක්ඛායි

පු. කුමක් කියන්නා.

කිමත්ථං

නි. කුමක් සඳහා.

කිමත්ථිය

3. කිනම් ඕනෑකමක් ඇති; කුමක් පිණිස.

කිම්පක්ක

න. අඹ වැනි විෂ ඵලවර්ගයක්.

කිම්පුරිස

පු. කිඳුරා.

කිම්ඵල

න. විෂ ඵලවර්ගයක්.

කිමි

කුඩා සතා; පණුවා.