බුද්ධදත්ත පාලි අකාරාදිය – 213

කිමිකුල

න. පණු වර්ගය; පණු සමූහය.

කිර

නි. ලු (තමන්ට ප්‍රත්‍යක්ෂ දෙයක් කීමෙහි යොදනු ලැබේ); වනාහි.

කිරණ

පු. න. රශ්මිය.

කිරති

(කිර+අ) විසුරුවයි.

කිරාත

පු. ශිෂ්ඨ නොවූ මනුශ්‍ය වර්ගයක්.

කිරිය

න. ක්‍රියා පදය; ක්‍රියාව; පැවැත්ම; වැඩය.

කිරියවාදී

පු. ක්‍රියාවන්ගේ විපාක ඇතැයි කියන්නා.

කිරියා

ඉ. ක්‍රියා පදය; ක්‍රියාව; පැවැත්ම; වැඩය.

කිරීට

පු. න. ඔටුන්න.

කිලඤ්ජ

පු. කලාල; පැදුර.

කිලන්ත

3. ක්ලාන්ත වූ; වෙහෙසුනු.

කිලමත

පු. දුර්වල බව; වෙහෙස.

කිලමති

(කිලමු+අ) වෙහෙසේ.

කිලමන්ත

3. වෙහෙසෙන; වෙහෙසෙමින්.

කිලමිත

3. වෙහෙසට පත් කළ.

කිලමිත්වා

පූ.ක්‍රි. වෙහෙසී.

කිලමිතුං

නි. වෙහෙසෙන්ට.

කිලමෙත්වා

පු. ක්‍රි වෙහෙසා.

කිලමෙති

(කිලමු+ණෙ) වෙහෙසයි.

කිලමෙන්ත

3. වෙහෙසමින්; වෙහෙසෙන.

කිලාස

පු. ඇදුම රෝගය.

කිලිට්ඨ

3. අපවිත්‍ර වූ; කිළිටි වූ.

කිලින්ත

3. තෙත් වූ.

කිලිස්සති

(කිලිස+ය) අපවිත්‍ර වේ; කිලිටි වේ.