බුද්ධදත්ත පාලි අකාරාදිය – 223

කෙය්‍ය

3. මිලට ගත යුතු; මිලට ගත යුතු දෙය.

කෙයුර

න. බාහුවේ බඳින වළල්ල.

කෙයූර

න. බාහු වළල්ල.

කෙරාටික

3. කපටි වූ ; කපටියා; කෛරාටික වූ .

කෙරාටිය

න. කපටි බව.

කෙලාස

පු. කෛලාශ පර්වතය.

කෙවට්ට

පු. කෙවුලා; මස් මරන්නා.

කෙවල

3. තනි වූ; සම්පූර්ණ වූ ; හුදකලා.

කෙවලං

.ක්‍රි .වි හුදෙක් පමණක්.

කෙවලපරිපුණ්ණ

3. හැම ආකාරයෙන් ම සම්පූර්ණ වූ .

කෙවලස්ස

3. ටිකක් අඩු; සියල්ල ම වාගේ.

කෙස

පු. හිස කෙස්.

කෙසකම්බල

න. හිසකෙස්වලින් වියූ පොරෝනය.

කෙසකම්බලී

පු. හිස කෙස් කම්බිලියක් ඇත්තා.

කෙසකල්‍යාණ

න. සිත්කලු ‍හිසකෙස් ඇති බව.

කෙසකලාප

පු. කෙස් වැටිය.

කෙසධාතු

පු. ඉ. බුදු රදුන්ගේ හිස කෙස්.

කෙසර

න. මල් කෙසරු; සිංහයාගේ බෙල්ලේ ලොම්.

කෙසරසීහ

පු. බෙල‍්ලේ දික් ලොම් ඇති සිංහයා.

කෙසව

3. ‍බොහෝ හිස කෙස් ඇති; ශක්‍රයා.

කෙසොරොපන

න. හිස කෙස් බෑම.

කෙසොහාරක

පු. පනික්කියා; හිස කෙස් බාන්නා.

කො

කවරෙක්; කිමෙක්.

කොක

පු. වෘකයා.