බුද්ධදත්ත පාලි අකාරාදිය – 222
කුහර
න. සිදුර.
කුහිං
නි. කොතැන; කොහි.
කුහෙති
(කුහ+ණෙ) නැති ගුණ පෙන්වයි; වඤ්චා කරයි.
කූජති
(කූජ+අ) නාද කරයි.
කූජන
න. පක්ෂි නාදය; පක්ෂියාගේ ගී කීම.
කූජිත
3. පක්ෂි නාදයෙන් යුත්.
න. පක්ෂි නාදය.
කූට
පු. න. කුළ; කුළු ගෙඩිය; ගෙයක මුදුන; පර්වත මුදුන.
න. කපටිකම; වඤ්චාව.
3. කපටි වූ ; බොරු වූ ; හීලෑ නොවූ .
කූටගොණ
පු. කුළු ගොනා.
කූටජටිල
පු. හොර තවුසා.
කූටට්ට
න. බොරු නඩුව.
කූටවාණිජ
පු. කපටි වෙළෙන්දා.
කූටාගාර
න. එවැනි මුදුන් රාශියක් ඇති ගෙය; සතරැස් හෝ අටැස් මුදුනක් ඇති ගෙය.
කූප
පු. කුඹය; වළ; ළිඳ.
කූපක
පු. කුඩා වළ; කුඹ ගස.
කූල
න. ඉවුර; උස් තැන; ගං ඉවුර.
කෙකර
පු. වපරයා.
කෙකා
ඉ. මොණරාගේ හඬ.
කෙටුභී
පු. පළපුරුදු කෛරාටිකයා.
කෙණිපාත
පු. ඔරුවේ හෝ නැවේ අවරය.
කෙතකී
ඉ. වැටකෙයියා ගස.
කෙතු
පු. කොඩිය.
කෙතුකම්යතා
ඉ. ප්රසිද්ධිය කැමති වීම.
කෙදාර
පු. න. කුඹුර; කෙත.
කෙදාරපාළි
පු. නියර.