බුද්ධදත්ත පාලි අකාරාදිය – 249

ගූථභාණි

3. පිළිකුල් දේ කියන්නා.

ගූහති

(කූහ+අ) සඟවයි.

ගූහන

න. සැඟවීම.

ගූහනා

ඉ. සැඟවීම.

ගූහිත

3. සඟවන ලද.

ගූහිත්වා

පූ.ක්‍රි. සඟවා.

ගූහිතුං

නි. සඟවන්ට.

ගූහිය

පූ.ක්‍රි. සඟව‍ා; සඟවා.

ගූළ්හ

3. සැඟවූ.

ගෙණ්ඩුක

පු. පන්දුව.

ගෙධ

පු. බලවත් ඇල්ම.

ගෙධිත

3. අශා කරන ලද.
න. දැඩි ආශාව.

ගෙය්‍ය

න. ‍බෞද්ධ සූත්‍රයන්ගේ කොටසක්.
3. ගායනා කටයුතු.

ගෙරුක

න. ගුරුගල් වැනි මැටි වර්ගයක්.

ගෙලඤ්ඤ

න. ගිලන් බව.

ගෙහ

පු. න. ගෙය; වාසස්ථානය.

ගෙහඞ්ගණ

න. ගෙමිදුල.

ගෙහජන

පු. ගෙයි වැසියා.

ගෙහට්ඨාන

න. ගෙබිම; ගෙයක් තිබුණු තැන; ගෙයක් සෑදීමට යෙදිය යුතු තැන.

ගෙහද්වාර

න. ගෙදොර; ගෙයි දොරටුව.

ගෙහනිස්සිත

3. පස්කම්සැප හා ආශ්‍රිත වූ.

ගෙහප්පවෙසන

න. ගෙට ඇතුල්වීම; ගෙවදීම.

ගෙහසිත

3. ලෞකික දෙය හා සම්බන්ධ වූ.

ගො

පු. ගවයා.