බුද්ධදත්ත පාලි අකාරාදිය – 342
ධම්මගරු
3. ධර්මය ගුරු කොට ඇති; ධර්මයට ගෞරව කරන.
ධම්මගුත්ත
3. ධර්මය විසින් රක්නා ලද.
ධම්මඝොසක
3. ධර්මය දේශනා කරන බව දැනුම් දෙන්නා.
ධම්මචක්ක
න. චක්රයන් මෙන් යෙදූ ධර්මය; දම්සක.
ධම්මචක්කපවත්තන
න. එනම් ඇති සූත්රය; දම්සක පෙරළීම.
ධම්මචක්ඛු
න. ධර්මාවබෝධය.
ධම්මචරියා
ඉ. ධර්මයෙහි හැසිරීම.
ධම්මචාරී
3. ධර්මයෙහි හැසිරෙන්නා; ධර්මයෙහි හැසිරෙන්නා.
ධම්මචෙතිය
න. ධර්ම චෛත්යය; ධර්මය උදෙසා කළ සෑය.
ධම්මජීවී
3. ධාර්මික සේ ජීවත් වන්නා.
ධම්මඤ්ඤු
3. ධර්මය දන්නා.
ධම්මට්ඨ
3. ධර්මයෙහි පිහිටි; යුක්තියෙහි පිහිටි.
ධම්මට්ඨිති
ඉ. ධර්මස්වභාවය.
ධම්මට්ඨීති
ඉ. ධර්මයෙහි පිහිටීම.
ධම්මතක්ක
පු. නිවැරදි කල්පනාව.
ධම්මතා
ඉ. ධර්මතාව; ස්වභාවය.
ධම්මදාන
න. ධර්මය දීම.
ධම්මදායාද
3. ධර්මය අයිතිය කොට ඇති.
ධම්මදීප
3. ධර්මය පිහිටක් හෝ පහනක් කොට ඇති.
ධම්මදෙසනා
ඉ. දහම් දෙසීම.
ධම්මදෙස්සී
3. ධර්මයට විරුද්ධ වන්නා.
ධම්මධජ
3. ධර්මය ධජයක් කොට ගත්.
ධම්මධර
3. ධර්මය දරන්නා.
ධම්මන්වය
ධර්ම විනිශ්චය.