බුද්ධදත්ත පාලි අකාරාදිය – 341
ධනී
3. ධන ඇත්තා.
ධනු
න. දුන්න.
ධනුක
න. කුඩා දුන්න.
ධනුකලාප
න. දුනන හා හියවුර.
ධනුකාර
පු. දුනු සාදන්නා.
ධනුකෙතකී
පු. දුනුකෙය්යා ගස.
ධනුග්ගහ
පු. දුන්නෙන් විදින්නා; හී විදින්නා.
ධම
පු. පිඹින්නා.
ධමක
පු. පිඹින්නා.
ධමති
(ධමු+අ) ගිනි පිඹියි; නලා ආදිය ශබ්ද කරයි; පිඹියි.
ධමන
න. පිඹීම.
ධමනි
ඉ. නහරය.
ධමනිසන්ථතගත්ත
3. නහර ඉල්පී ගිය සිරුරු ඇති.
ධමමාන
3. පිඹින; පිඹිමින්.
ධම්ම
පු. ආගම ධර්මාදිය; ත්රිපිටක ධර්මය; ධර්මය; මාර්ගඵලාදිය; යහපත් පැවැත්ම; ස්වභාවය.
ධම්මකථා
ඉ. බණ පිළිබඳ කථාව.
ධම්මකථික
3. බණ කියන්නා.
ධම්මකම්ම
න. නිවැරදි ක්රියාව; විනය නීතියට එකඟව කළ විනය කර්මය.
ධම්මකරක
පු. (ධමකරක) පැන් පෙරහන; පෙරහන්කඩය.
ධම්මක්ඛන්ධ
පු. දහම් කොටස.
ධම්මක්ඛාන
න. ධර්මය කියාදීම.
ධම්මකාම
3. යුක්ති ධර්මය කැමති.
ධම්මකාය
පු. ධර්ම ශරීරය; ධර්ම සමූහය.
ධම්මගණ්ඩිකා
ඉ. දංගෙඩිය; හිස ගසා දැමීම සඳහා යටින් තබන කොටය.