ධම්ම
dhamma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ලොව්තුරා දහම; ලෞකික තත්ත්වයෙන් මිදීමට උපකාරී වන ඥේය වස්තුව.
2. නා.ප්ර. පර්යාප්ති දේශනාව; ත්රිපිටක ධර්මය.
3. නා.ප්ර. චෛතසික ධර්ම; සිතේ උපදින කුසලාකුසල සිතිවිලි.
4. නා.ප්ර. පඤ්චස්කන්ධය; සත්ත්ව ශරීරයට අයත් කොටස්.
5. නා.ප්ර. ප්රඥාව; ලෞකික නුවණ.
6. නා.ප්ර. යුක්තිය; සාධාරණත්වය.
7. නා.ප්ර. ස්වභාවය; යථා තත්ත්වය.
8. නා.ප්ර. පිළිවෙත්; ආචාර විධි; ප්රතිපත්ති.
9. නා.ප්ර. දිය යුතු දෙය; දෙන වස්තුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ආගම ධර්මාදිය; ත්රිපිටක ධර්මය; ධර්මය; මාර්ගඵලාදිය; යහපත් පැවැත්ම; ස්වභාවය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ස්වභාව, පාලිධර්මය, ඤාණය, යුක්තිය, සත්යය, ප්රකෘතිය, පුණ්යය, ඤෙය වස්තු, ගුණය, ආචාරය, සමාධිය, නිස්සත්තතාව, ආපත්තිය, හේතුව. (පි. 327)
Digital Pāḷi Dictionary
- dhamma 1.01 masc nature; character [√dhar + ma]
- dhamma 1.02 masc quality; characteristic; trait; inherent quality [√dhar + ma]
- dhamma 1.03 masc teaching; discourse; doctrine [√dhar + ma]
- dhamma 1.04 masc mental phenomena; thoughts [√dhar + ma]
- dhamma 1.05 masc mental states [√dhar + ma]
- dhamma 1.06 masc matter; thing; phenomenon [√dhar + ma]
- dhamma 1.07 masc truth; reality; principle; truth behind the teaching [√dhar + ma]
- dhamma 1.08 masc virtue; moral behaviour [√dhar + ma]
- dhamma 1.09 masc law; case; rule; legal process [√dhar + ma]
- dhamma 1.10 adj of such nature; liable (to); prone (to); destined (for) [√dhar + ma]
- dhamma 1.11 masc name of king Mahāsudassana's palace [√dhar + ma]
- dhamma 1.12 nt teaching; discourse; doctrine [√dhar + ma]
- dhamma 1.13 masc religion [√dhar + ma]
- dhamma 1.14 masc act; practice [√dhar + ma]
- dhamma 1.15 masc duty; obligation [√dhar + ma]
- dhamma 2.1 adj having a bow [dhanu + a > dhanva > dhamma]