සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 880
ධමනිකාව
නා. ධමනියක් නැවත බෙදී සිහින් ව සෑදෙන සිහින් ලේ නහරය; කුඩා ධමනිය.
ධමනිය
(පාරිභා.) නා. හෘදය වස්තුවේ සිට ශරීරය පුරා රුධිරය ගෙන යන රුධිරවාහිනී විශේෂය (=artery).
ධමනී නාඩිය
(පාරිභා.) නා. හෘදය වස්තුවෙහි ක්‍රියාකාරිත්වය නිසා ලේ ගමන් කරන නහරවල සිදුවන ස්පන්දනය.
ධමනී පද්ධතිය
(පාරිභා.) නා. සමාන පටකවලින් යුත් ධමනි රාශිය.
ධම්ම
1. නා.ප්‍ර. ලොව්තුරා දහම; ලෞකික තත්ත්වයෙන් මිදීමට උපකාරී වන ඥේය වස්තුව.
2. නා.ප්‍ර. පර්යාප්ති දේශනාව; ත්‍රිපිටක ධර්මය.
3. නා.ප්‍ර. චෛතසික ධර්ම; සිතේ උපදින කුසලාකුසල සිතිවිලි.
4. නා.ප්‍ර. පඤ්චස්කන්ධය; සත්ත්ව ශරීරයට අයත් කොටස්.
5. නා.ප්‍ර. ප්‍රඥාව; ලෞකික නුවණ.
6. නා.ප්‍ර. යුක්තිය; සාධාරණත්වය.
7. නා.ප්‍ර. ස්වභාවය; යථා තත්ත්වය.
8. නා.ප්‍ර. පිළිවෙත්; ආචාර විධි; ප්‍රතිපත්ති.
9. නා.ප්‍ර. දිය යුතු දෙය; දෙන වස්තුව.
ධම්ම නියාමය
නා. ධර්ම ස්වභාවය; නියත වශයෙන් ම සිදුවන ස්වභාවය; හේතුව නිසා ඵලය අනිවාර්යයෙන් ම සිදුවන බව.
ධම්මචාරි
වි. ධර්මය අනු ව හැසිරෙන.
ධර
1. වි. උසුලන, දරන, දරා සිටින (ශිල්ප ශාස්ත්‍රාදිය) මනා සේ ධාරණය කර ගත්.
2. වි. එක දිගට ඇදහැලෙන ද්‍රව්‍ය.
ධරණ
වි. උසුලන; දරණ.
ධරණය
1. නා. පුරාතන බර මිනුමක්.
2. නා. පසෙහි ඇති දිරාපත් කාබනික ද්‍රව්‍ය කොටස.
3. නා. කෝණ මානයක යට සරල දාරය.
4. නා. සන්නායක ද්‍රව්‍යයක විදුලිය දැරීමේ ශක්තිය.
ධරණිතලය
නා. පොළොව මතුපිට පෙදෙස; පෘථිවි පෘෂ්ඨය; පොළෝතලය.
ධරණීධර
1. නා.ප්‍ර. කන්ද; කඳුවැටිය; පර්වතය.
2. නා.ප්‍ර. පෘථිවිය දරන්නා.
ධරණීපති
නා.ප්‍ර. පොළවට අධිපතියා.
ධරනවා
1. ක්‍රි. උසුලනවා; රඳා පවත්වා ගන්නවා; දරනවා.
2. ක්‍රි. පිළිගන්නවා; භාරගන්නවා
3. ක්‍රි. ඉගෙන ගන්නවා; ධාරණය කරනවා.
ධරමාන
වි. පවතින; ජීවත් වන.
ධරය
1. නා. යමක් උසුලන හෝ දරා සිටින දෙය.
2. (පාරිභා.) නා. ලීවරයක ස්ථාවර ව පිහිටි තැන; විවර්තනිය හෙවත් දරා සිටින ලක්ෂ්‍යය.
ධර්ම කථිකයා
නා. ධර්ම දේශකයා; බණ කියන්නා; දහම් කතා කියන්නා.
ධර්ම චක්‍රය
1. නා. බුදුදහම නිරූපණය කිරීමේ සංකේතයක් ලෙස දැක්වෙන චක්රාකාර රූපය.
2. නා. දම්සක් පැවතුම් සූත්‍රය.
3. නා. දහමේ අණසක; ධර්මයේ ආඥා බලය.
ධර්ම ජීවිකාව
නා. වැරදි පැවතුම්වලින් මිදී ජීවත් වීම; ධර්මානුකූල ජීවිතය; දැහැමි පැවැත්ම.
ධර්ම ද්වීපය
නා. ථෙරවාද බුද්ධ ධර්මය ආරක්ෂා කොට පවත්වාගෙන ආ දිවයින; දහම් දිවයින; ශ්‍රී ලංකාව.
ධර්ම දූතයා
නා. ධර්මය පිළිබඳ පණිවුඩය ලොව නොයෙක් දිග් භාගවලට ගෙන යන්නා; ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන්නා.
ධර්ම දේශකයා
නා. ධර්මය දේශනා කරන්නා; ධර්ම කථිකයා.
ධර්ම මණ්ඩපය
නා. දහම් දෙසීම සඳහා භාවිත වන ශාලාව; බණ මඩුව.
ධර්ම යාත්‍රාව
නා. ධර්මය දේශනා කිරීම සඳහා යෙදෙන චාරිකාව; ධර්ම ප්‍රචාරය සඳහා සැරිසැරීම.