සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 881
ධර්ම යුක්තිය
නා. අපක්ෂපාතී විසඳීම; සාධාරණ නඩු විසඳීම; ධාර්මික විසඳුම.
ධර්ම රත්නය
නා. බුදුරදුන් විසින් වදාරන ලද ත්රිවිධ රත්නයෙන් දෙවැන්න වන ත්රිපිටක ධර්මය.
ධර්ම විජය
නා. ධාර්මික භාවයෙන් ලබන ජය; යුද්ධයෙන් නොව දැහැමිබවෙන් ලබන දිනුම.
ධර්ම විනය
නා.ප්ර. බුද්ධ ධර්ම දේශනාවලින් අන්තර්ගත සහ විනය කොට්ඨාස.
ධර්ම ශාසනය
නා. බුදුරදුන් විසින් වදාරන ලද දහම; බුද්ධ දේශනාව හෙවත් ත්රිපිටක ධර්මය.
ධර්ම සංගායනාව
නා. එක්රැස් ව ධර්මය සාකච්ඡා කිරීම; ධර්මය පිළිබඳ ව ඇති වන වැරදි මතවාද පරික්ෂා කොට ධර්මය සංස්ථාපනය සඳහා සම්මත කිරීම.
ධර්ම සභාව
නා. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදිය පවත්වන තැන; දම් සබය.
ධර්ම ස්කන්ධය
නා. සමස්ත බුද්ධ ධර්මය; ත්රිපිටක බුද්ධ ධර්මය.
ධර්මකාමී
වි. ධර්මයට කැමති; දහමට රිසි.
ධර්මකාය
1. නා.ප්ර. බුදුරජාණන් වහන්සේගේ දසබල, චතුර් වෛශාරද්ය ආදි ගුණ සමූදාය.
2. නා.ප්ර. මහායානය අනු ව බුදුන් පිළිබඳ තුන් කායයෙන් එකක්.
ධර්මචින්තා
1. නා.ප්ර. යහපත් අදහස්; දහමට නැඹුරු සිතිවිල්ල.
2. නා.ප්ර. මනෝ විඤ්ඤාණයට විෂය වන ධර්මතාව.
ධර්මතාව
1. නා. ස්වභාවය; ස්වාභාවික ආකාරය.
2. නා. කලක් පුරුදු කළ චාරිත්ර ධර්ම; සිරිත් විරිත්
ධර්මදාන
නා.ප්ර. ධර්මය (ප්රචාරයෙන්) අනුනට දීම; බණ කීම හා කියවීම.
ධර්මධරයා
නා. ධර්මය මනා සේ දත් තැනැත්තා; ධර්මය දරන්නා; බුද්ධ ධර්මයෙහි විශාරදයා.
ධර්මය
1. නා. බුදුන් දෙසූ දහම; බුද්ධ ධර්මය; පර්යාප්ති ශාසනය.
2. නා. දත යුතු දෙය; ඥෙය්යපථය.
3. නා. ස්වභාවය; දෙය; ප්රකෘතිය.
4. නා. නිවන; නිර්වාණය.
5. නා. ශීලය; ආචාර සම්ප්රදාය.
6. නා. යහපත; ගුණයහපත්කම.
7. නා. කුසල; පින්කම; පුණ්යකර්මය.
8. නා. යුක්තිය.
9. නා. හේතුව; ඵල උත්පාදක ශක්තිය.
10. නා. ආගමික ඉගැන්වීම්; චින්තනය; දර්ශනය.
11. (පාරිභා.) නා. නියමය; සිද්ධාන්තය (=law).
ධර්මවේදි
වි. දහම පිළිබඳ දැන උගත්කම් ඇති; ධර්මය මැනවින් දන්නා.
ධර්මශාස්ත්ර
1. නා.ප්ර. ආගම; ධර්මෝපදේශ.
2. නා.ප්ර. ධර්මය හා කලාශිල්ප.
3. නා.ප්ර. ධර්මානුකූල නීතිය.
ධර්මාචාර්යයා
නා. ධර්මය ඉගැන්වීමෙහි හා පුහුණු කිරීමෙහි යෙදෙන ගුරුවරයා.
ධර්මාධිකරණය
නා. යුක්තිය පසිඳින තැන; අධිකරණ ශාලාව; විනිශ්චය ශාලාව; උසාවිය.
ධර්මාධිපති
නා.ප්ර. ධර්මයට නායකයා හෙවත් ධර්ම රාජයා වන බුදුරජාණන්වහන්සේ.
ධර්මානුකූල
වි. ධර්මයට එකඟ; ධර්මය අනු ව පවත්නා; දහමට ගැළපෙන.
ධර්මානුස්මෘතිය
නා. බුදුරජුන් විසින් වදාරන ලද ධර්මය නැවත නැවත මෙනෙහි කිරීම; අනුස්මෘති දහයෙන් එකක්.
ධර්මානුසාරි
වි. ධර්මිෂ්ඨ; දහමට අනු ව හැසිරෙන්නා වූ; ධර්මය පිළිපදින්නා වූ; දැහැමි.
ධර්මාභියෝගය
නා. ධර්මය නිතර පුරුදු පුහුණු කිරීම; ධර්මය අවබෝධ කර ගැනීම.