සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 879
ධනපති
1. වි. ධනයට ස්වාමි වූ; බොහෝ ධනය ඇති; ධනයෙන් ආඪ්ය; ධනවත්.
2. වි. ධනපතියන් පිළිබඳ; ධනවතුනට අදාළ; ධනපති ක්රමයට අයත්.
ධනභාණ්ඩ
(පාරිභා.) නා.ප. නිෂ්පාදනයෙන් ධනය උපයා ගැනීමට මිල කළ හැකි භාණ්ඩ; නිෂ්පාදනය සඳහා උපයෝගී වන යන්ත්ර සූත්ර භාණ්ඩ.
ධනය
නා. රන් රිදී ආදි වස්තුව; දේපොළ; මැණික් ගව මහිෂාදි සම්පත්.
ධනවත්
වි. වස්තුව ඇති; ධනයෙන් යුක්ත; පොහොසත්; ඓශ්වර්ය සම්පන්න.
ධනවාදය
නා. රටක නිෂ්පාදන මාර්ගවල අයිතිය පුද්ගලයන් සතු ව තබා ගැනීමේ ආර්ථික ක්රමය; ධනේශ්වර වාදය.
ධනස්කන්ධය
නා. අති විශාල වස්තු ප්රමාණය; ධන රාශිය; ධන සම්භාරය.
ධනහානිය
නා. ධනය විනාශ වී යාම; වස්තු භංගය.
ධන්ය
වි. ධනය ලැබීමට වාසනාව ඇති; ධනවත්; වාසනාවන්ත; භාග්යසම්පන්න.
ධනාගාරය
නා. වස්තු රැස්කර තබන ගබඩාව; භාණ්ඩාගාරය.
ධනාඪ්ය
වි. වස්තුවෙන් පිරී ගිය; බොහෝ සම්පත් ඇති; සමෘද්ධිමත්.
ධනාත්මක චින්තනය
නා. ජීවිතයේ කර්තව්යය දෙස සුභවාදී ව බැලීම; ඇති දෙය, පවත්නා දෙය පිළිබඳ යහපත් ආකල්පයක් පවත්වා ගැනීම.
ධනාර්ථි
නා.ප්ර. වස්තුව ලබා ගැනීමට ආශා ඇත්තා; වස්තු තණ්හාව ඇත්තා; ධනලෝභියා.
ධනික
නා.ප්ර. වස්තු ඇත්තා; ධන හිමියා; ධනවතා.
ධනිතාක්ෂරය
නා. ධ්වනි හෙවත් ශබ්ද නංවන අකුරු; මහප්රාණ අකුරු.
ධනී
වි. ධනය ඇති; පොහොසත්.
නා.ප්ර. ධනවතා.
ධනු
1. නා.ප්ර. දුන්න; චාපය.
2. නා.ප්ර. පැරණි දුර මිනුමක්; දුනු මිටේ දිග; හතර රියන.
ධනු කලාපය
නා. ඊතල දමන කොපුව; හී කොපුව; හියවුර.
ධනුඃශිල්පය
නා. දුන්නෙන් කරනු ලබන විදීම් ක්රමය උගන්වන ශාස්ත්රය; ධනුර්වේදය.
ධනුර්ධරයා
නා. දුන්නෙන් විදීමේ ශිල්පය මනා සේ දත් තැනැත්තා; දුනුවායා.
ධනුෂ්පය
(පාරිභා.) නා. ඇසේ දෘෂ්ටි විතානයට පිටුපසින් පිහිටි මැද විවරයක් ඇති කවාකාර වර්ණවත් සිවිය; තාරාමණ්ඩලය.
ධනේෂ්වර
1. වි. මුදල් හිමි; ධනය ඇති; පොහොසත්; ධනවත්.
2. වි. මූලධනය ඇති; ප්රාග්ධනය හිමි.
ධනේෂ්වර වාදය
නා. මූලධන හිමියන්ගේ වාසියට නැඹුරු වූ දේශපාලන න්යාය; ධනපති වාදය.
ධනෝපාර්ජනය
නා. වස්තුව හරි හම්බ කිරීම; ධනය ඉපයීම; ධන සැපයීම; ධනාර්ජනය.
ධමනය
1. නා. මුවින් වාතය වේගයෙන් නිකුත් කිරීම; පිඹීම.
2. නා. හක්ගෙඩිය; පිඹිනා සක.