සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 878
දෝවාරිකයා
නා. දොරටුවෙහි නියුක්තයා; දොරටුපාලයා.
දෝෂය
නා. වැරැද්ද; අනිටු විපාකය; රාගාදී කෙලෙස්; අපලය; වා පිත් සෙම් ආදි දොස්; ශරීරයෙහි ඇතිවන යම් යම් රෝග පීඩාදිය; ආබාධය.
දෝෂාභියෝගය
[දෝෂ + අභියෝගය]
නා. නීතිය, සදාචාරය ඉක්මවා නිලයෙන් පැවරී ඇති රාජකාරි බලය වරප්‍රසාද ආදිය පාවිච්චි කරන, ජනාධිපතිවරුන්, විනිසුරුවන් වැනි රජය කරවන්නන් සඳහා වූ අධිකරණ ක්‍රියාවලියක මුල් පියවර වූ චෝදනා ඉදිරිපත් කිරීම; රාජ්‍ය ද්‍රෝහී වීම වැනි රජයට විරුද්ධ බරපතල සාපරාධී ක්‍රියාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු හෝ නිල වරප්‍රසාද නිසා හෝ අධිකරණයට යොමු කළ නොහැකි අයට විරුද්ධ ව ගන්නා වූ අධිකරණමය ක්‍රියාමාර්ගයක් (= impeachment).
දෝෂාරෝපණය
[දෝෂ + ආරෝපණය]
නා. දොස් පැවරීම; දොස් නැගීම; යම්කිසිවකුගේ වැරැද්දකට දොස් තැබීම.
දෝස
1. නා.ප්‍ර. ත්‍රිවිධ අකුශල මූලයන්ගෙන් එකක්; ද්වේශය; අනුන් පිළිබඳ ඇතිවන නපුරු හැඟීම.
2. නා.ප්‍ර. වැරැද්ද; අයහපත; දොස.
3. නා.ප්‍ර. ශරීරයෙහි වා පිත් සෙම් කිපීමෙන් සිදුවන අයහපත.
4. නා.ප්‍ර. කිසියම් උපකරණයක හෝ යන්ත්‍ර සූත්රාදියක ඇතිවන අඩුපාඩු.
දෝසි
නා.ප්‍ර. සීනි යොදා නෙල්ලි, ඉඟුරු, පුහුල් ආදියෙන් සාදාගන්නා කල් තබාගත හැකි කැවිලි වර්ගයක්.
දෝහ
නා.ප්‍ර. සතුරුකම; විශ්වාසය කඩ කිරීම.
දෝහන
නා.ප්‍ර. පියයුරුවලින් කිරි දොවා ගැනීම, දෙවීම.
දෝහළය
නා. දොළ දුක; ආශාව.
දෞර්ජන්යය
නා. දුර්ජනභාවය.
දෞර්මනස්යය
නා. දොම්නස; කනස්සල්ල; අප්රසන්නතාව
ධ
මිශ්‍ර සිංහල හෝඩියේ හතළිස් දෙවැනි අකුර; විසිතුන් වැනි ව්‍යඤ්ජනාක්ෂරය; දන්තජ මහාප්‍රාණ ඝෝෂ ස්පර්ශ ශබ්දය.
ධජය
1. නා. රටක්, ජාතියක්, ආගමක්, වංශයක්, ආයතනයක් ආදියේ අනන්‍යතාව පිළිඹිබු කරන සංකේතය; කොඩිය; ධ්වජය; දදය.
2. නා. පිහාටුවක පිච්ඡිකා සහ පිච්ඡිකාංගවලින් සමන්විත කොටස (=vane).
ධන
1. නා. ධනය.
2. (පාරිභා.) නා. එකතු කිරීම දක්වන ලකුණ; එකතු කිරීමේ ලකුණ වන + ලකුණ (=plus).
3. (පාරිභා.) නා. ඇති පැත්ත; තිබෙන දෙය; ඇති දෙය; පවත්නා දෙය (=positive).
ධන අග්‍රය
(පාරිභා.) නා. විදුලියේ/ විද්‍යුතයේ අග්‍ර දෙකෙන් එකක්; දැඩි ආරෝපණය ඇති විදුලි මාර්ගයේ අග (=positive terminal).
ධන උත්ප්‍රේරකය
(පාරිභා.) නා. රසායනික ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරන ද්‍රව්‍යය.
ධන කුවේරයා
නා. බොහෝ වස්තු ඇත්තා; ධනයෙන් ආඪ්‍ය තැනැත්තා; ධනයට අධිපතියා.
ධන දණ්ඩය
නා. ධනය රාජසන්තක කිරීමෙන් දෙන දඬුවම; දේපල හා වස්තුව රජය අත්පත් කර ගැනීම.
ධන ධ්‍රැවය
නා. කාන්දමක නිතැතින්ම ස්වාභාවික ලෙස උතුරට හැරෙන ධ්‍රැවය.
ධන විදුලිය
නා. සාපේක්ෂ වශයෙන් ඉලෙක්ට්‍රෝන අඩුවීමෙන් සැදෙන විදුලිය.
ධන ස්ථානය
නා. (ජ්‍යෝති.) ජන්ම කේන්ද්‍රයේ දෙවැන්න; ලග්නයෙන් දෙවැනි රාශිය.
ධනක්කීතා
නා.ප්‍ර. පුරුෂයා විසින් මිලයට ගෙන භාර්යා භාවයෙහි තබා ගන්නා ලද ස්ත්‍රිය.
ධනකිරණ
(පාරිභා.) නා.ප්‍ර. වායුවක් තුළ විද්‍යුත් විසර්ජනයට භාජන වන ධන විදුලිය ආරෝපණය වූ අණු හෝ පරමාණු ධාරා; නාල කිරණ (=positive rays).
ධනධාන්‍ය
නා.ප්‍ර. මිල මුදල් සහ භෝග සම්පත්.