සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 877
දෝඩු
(කථා.) නා.ප්‍ර. සූදානම; ලෑස්තිවීම.
දෝණ
නා.ප්‍ර. ධාන්‍ය මැනීමේ මිම්මක්; ලාස් හතර; ද්‍රෝණය; තිඹ.
දෝණිකාව
1. නා. ඔරුව හෝ එබඳු හැඩය ඇති භාජනය; ජලමුද්රිත වැසිකිළියක මල මූත්‍ර ධාරකය.
2. නා. කෝෂය; නළය.
දෝණිය
1. නා. දුවණි; දියණිය; දූ.
2. නා. භාජනය; ඔරුවක් වැනි භාජනය.
3. නා. කුඩා ඔරුව; සුලුප්පුව.
දෝණියන් දෑ
නා. (ගෞර.) දියණියෝ; දුහිතෘ.
දෝත
1. නා. අත් දෙක; දෑත.
2. නා. අත් දෙක බොකු කර එකට ඇල්ලූ කල එහි රඳන ප්‍රමාණය; හස්තපුටය.
දෝතලු
නා.ප්‍ර. කුඩා පුවක් වර්ගයක්; ලේන්තැරි මෙන් කුඩා රත් පැහැති ගෙඩි ඇති තාල වර්ගයේ ගසක්.
දෝතිය
නා. ඉන්දියාවේ පිරිමින් අඳින ඇඳුමක නාමය; අධෝකාය වසා අඳින ඇඳුමකි.
දෝදු
වි. සිහිවිකල්; සිහිමද; උමතු.
දෝන
වි. පුර්තුගීසි නම් අනුව කාන්තාවගේ නමෙහි මුලට යෙදෙන ගරු නාමයක්.
දෝනාව
නා. පතල්වල උමඟ හාරන ඉල්ලම් මග; හරස් අතට කනින බිම්ගෙය; පොළොව යට හාරන උමඟ.
දෝපණ
නා. දෝත; අත්දෙක.
දෝපත
නා. පහත් තෙත් බිම්; දෙණිය.
දෝපෙළ
නා.ප්‍ර. තාරකා පේළිය; තරු වැළ.
දෝමනස්සය
නා. දොම්නස; දුක්වේදනාවට බර චිත්තලක්ෂණය.
දෝරය
නා. ගලායන දියරය; ගලන ද්‍රවය; දහර; ධාරාව; දියකඩ (=flush)
දෝර්දණඩ
නා.ප්‍ර. දිග අත්; අත් අඩුව; බාහු දණ්ඩ.
දෝරේ ගලනවා
ක්‍රි. දියරක් ගලා යනවා; දහරාවක් වශයෙන් යනවා; හැම අතට ම ගලා පැතිර යනවා.
දෝලකය
නා. දෝලනය ඇති කරන දෙය; පැද්දෙන දෙය.
දෝලනය
නා. දෙපසට පැද්දීම; නියම් කාල රිද්මයක් අනුව එක් පසෙක සිට අනෙක් පසට පැද්දීම (= oscillation).
දෝලාකෙළිය
නා. ඔන්චිලි පැදීමේ ක්‍රීඩාව; කෙළි පිණිස ඔන්චිලි පැදීම.
දෝලාව
1. නා. මිනිසුන් විසින් උසුලා ගෙන යා යුතු වන යාන විශේෂයක්.
2. නා. ඔංචිල්ලාව; ඕවිල්ල.
දෝලිය
1. නා. දෝලාව; සිවි ගෙය; තොටිල්ල; භූමිදානය සඳහා මිනිය දමාගෙන යන පැස හෝ පෙට්ටිය.
2. නා. රාජ කන්‍යාව; රජ මෙහෙසිය; රජ කුමරිය.
දෝවනය
නා. සේදීම; පිරිසිදු කිරීම; ධෝවනය.