බුද්ධදත්ත පාලි අකාරාදිය – 392

පච්චයතා

ඉ. ප්‍රත්‍යය ඇති බව.

පච්චයාකාර

පු. ප්‍රතීත්‍යසමුත්පාදය.

පච්චයික

3. බොරු නොකියන; විශ්වාස කළ හැකි.

පච්චවෙක්ඛති

(පති+අව+ඉක්ඛ+අ) නුවණින් බලයි; සිදු වූ දෙය ගැන සිතා බලයි.

පච්චවෙක්ඛන

න. නුවණින් සලකා බැලීම.

පච්චවෙක්ඛනා

ඉ. නුවණින් සලකා බැලීම.

පච්චවෙක්ඛිත්වා

පූ.ක්‍රි. සලකා බලා.

පච්චස්සොසි

උත්තර දුන්නේය; පිළිගත්තේය.

පච්චහරති

(පති+ආ+හර+අ) ආපසු ගෙන එයි.

පච්චාකත

3. ‍ඉවත් කරන ලද; පැරදුණු.

පච්චාකොටිත

3. නැවත නැවත උළා මදින ලද.

පච්චාගච්ඡති

(පති+ආ+ගමු+අ) ආපසු එයි; හැරී එයි.

පච්චාගත

3. හැරී ආ.

පච්චාගන්ත්වා

පූ.ක්‍රි. හැරී අවුත්.

පච්චාගමන

න. හැරී ඒම.

පච්චාජාත

3. උපන්; නැවත උපන්.

පච්චාජායති

(පති+ආ+ජන+ය) නැවත උපදී.

පච්චාමිත්ත

පු. සතුරා.

පච්චාසිංසති

(පති+ආ+සිංස+අ) බලාපොරොත්තුවේ.

පච්චාහාර

පු. මඟ හැරීමට හේතුව; සමාවට කාරණය.

පච්චිත්වා

පූ.ක්‍රි. පැසී; විපාක දුක් විඳ.

පච්චුග්ගච්ඡති

(පති+උ+ගමු+අ) අනිකකු ඉදිරියට යේ.

පච්චුග්ගන්ත්වා

පූ.ක්‍රි. අනිකකුගේ ඉදිරියට ගොස්; පෙර ගමන්කොට.

පච්චුග්ගමන

න. පෙරගමන් කිරීම; හමුවීමට ඉදිරියට යාම.